අමෙරිකාවේ ප්රමුඛ පෙළේ පුවත්පතක් වන ”වෝල් ස්ට්‍රීට් ජර්නල්” සමග ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් අද (01) පළකර තිබෙනවා.
මෙහිදී රටේ දරුණුතම ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාව අත්විඳ ඇති බවත්, දේශපාලන ස්ථාවරත්වය ඇතිකර රට යථා තත්ත්වයට පත් කිරීමට හා මෑත කාලීනව ඇන හිට තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සාකච්ඡා අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් නව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
රනිල් වික්‍රමසිංහ පැවසුවේ “මම හිතන්නේ අපි දැනටමත් පහළටම ඇවිත් තියෙනවා…. “උමග කෙළවරේ ආලෝකය මට පෙනෙනවා; එය අපට කෙතරම් වේගයෙන් ළඟා විය හැකිද යන්නයි ගැටලුව.” ලෙසිනි.
ජුලි මස මුලදී විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු නැවත විවෘත කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිය පසුගිය ඉරිදා (31) ජනපතිවරයා මෙම අදහස් දක්වා තිබේ.
ජනාධිපතිවරයා කියා සිටියේ IMF කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට අගෝස්තු අග වන විට එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට හැකි වනු ඇති බවත් පවසා සිටියේය.
“අපි නිසැකවම පසු බැස සිටිනවා.. අස්ථාවර දේශපාලන තත්ත්වය නොවන්නට අපට ජූලි මාසේ ණය මුදල ලබාගන්නා තිබුණා” ඔහු කියා ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ද ජනාධිපතිවරයා පවසා ඇත.
එසේ පැමිණියහොත් ඔහුගේ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඔහුව නෙරපා හැරීමට පෙළගැසුණු දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර දේශපාලන ආතතීන් නැවත ඇවිලවිය හැකි බව රනිල් වික්‍රමසිංහ කියා සිටි.
රාජපක්ෂ මහතා ජූලි 13 වැනි දින මාලදිවයින බලා යාමට හමුදා ගුවන් යානයකින් රටින් පිටත් වූ අතර සිංගප්පූරුව බලා යාමට පෙර ඊමේල් පණිවුඩයක් මගින් ඉල්ලා අස්විය.
ශ්‍රී ලංකාවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අඟහරුවාදා කියා සිටියේ ඔහු සැඟවී නොසිටි බවත්, ඔහු නැවත පැමිණීමට අපේක්ෂා කරන බවත්ය.
එහෙත් පරිපාලනමය පැවරීම් ගැටළු සහ අනෙකුත් රජයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තමා ඔහු සමඟ දිගටම සම්බන්ධ වූ බව පැවසූ රනිල් වික්‍රමසිංහ, තමා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බව ගෝඨාභය තමාට පවසා නොමැති බව සඳහන් කර ඇත.
“ඔහු නැවත පැමිණීමට කාලය මෙය යැයි මම විශ්වාස නොකරමි,” ඔහු පැවසීය.
“ඔහු ඉක්මනින් ආපසු එන බවට මට කිසිදු හෝඩුවාවක් නැත.” රනිල් වික්‍රමසිංහ තහවුරු කළේය.
73 හැවිරිදි වික්‍රමසිංහ මහතා, රාජපක්ෂ මහතා වෙනුවට පාර්ලිමේන්තු ඡන්දයකින් ජයග්‍රහණය කිරීමෙන් පසු ජූලි 20 වැනි දින ජනාධිපති ලෙස තේරී පත් වූ නමුත්, ඔහු හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අය සමඟ සමීපව බැඳී සිටින බව දකින ශ්‍රී ලංකාවේ පුළුල් මහජනතාව සහ එහි විරෝධතා ව්‍යාපාරයතුළ දැඩි අප්‍රසාදයට ලක්ව සිටී.
ජුලි 9දා, එදිනම විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයට සහ නිල නිවසට කඩා වැදීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ නිල නිවසින් පිටව ගිය අතර, විරෝධතාකරුවෝ රනිල්ගේ නිල සහ පෞද්ගලික නිවාස ද ගිනි තැබූ බවට තොරතුරු ප්‍රචාරය වෙයි.
මේ වනවිට විරෝධතාකරුවන් සියලු රාජ්‍ය ගොඩනැගිලි වල පාලනය නැවත බලධාරීන්ට පවරා ඇත.
නව සර්වපාක්ෂික ආන්ඩුවකට මග සැලසීම සඳහා ගෝඨාභය සමග අගමැති ධූරයකටද මින් පෙර රනිල් වික්‍රමසිංහ එකඟ වූ අතර පසුගිය මැතිවරණයේදී ඔහුගේ පක්ෂයට හිමි වූයේ එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක් වීම නිසා රනිල්ගේ උසස්වීම වඩාත් කැපී පෙනෙන කරුණකි.
“මම ආවේ අහම්බෙන්. මූලික වශයෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස් වී තිබුණා. රට ගිනි තිබ්බා. ඔවුන් ගොඩනැගිලි පවරා ගනිමින් සිටියා,” ඔහු පැවසීය.
“කොහොමහරි මම ව්‍යවස්ථානුකූලව තේරී පත්වී තිබෙන්නෙ… දැන් වගකීම් ඉටු කිරීම මට භාරයි.” ඔහු කීය.
2019 දී යටිතල පහසුකම් සඳහා වියදම් කිරීමට සහ බදු කපා හැරීමට විශාල වශයෙන් ණය ගත් බැවින්, කොරෝනා වයිරස් වසංගතයට පෙර සිටම ශ්‍රී ලංකාව අවිනිශ්චිත මූල්‍ය පදනමක සිටියේය. එවිට වසංගතය එහි වැදගත් විදේශ මුදල් ඉපැයීමක් වූ සංචාරක ව්‍යාපාරය විනාශ කළේය. මේ වසරේ ලෝක ආර්ථික පසුබෑම් හමුවේ, ශ්‍රී ලංකාවේ රුපියල මත පීඩනයක් ඇති කර එහි සංචිත සිඳී ගිය අතර, එයට අවශ්‍ය ඉන්ධන සහ පොහොර ආනයනය කිරීමට නොහැකි විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමක් ඇති වූ පසු, විවිධ ප්රවේශයන් සමඟ ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීමට රටට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.
“එය එක් පැත්තකින් එක්සත් ජනපදයේ සහ අනෙක් පැත්තෙන් චීනයේ සහය ඇති ඉන්දියාව සහ ජපානය අතර ණය සහන සඳහා විවිධ ප්රවේශයන් අතර ප්‍රශ්නයක්,” ඔහු පැවසීය.
(වොල් ස්ට්‍රීට් ජර්නල් ඇසුරිනි)