උණුසුම් පුවත්
Search
piumi

”මම හිටියේ වැස්සට තෙමෙන ගෙදරක, අද ඉන්න තැන ගැන හරිම සතුටුයි” – පියුමි හංසමාලි

1693

නිරූපන ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම ප්‍රසිද්ධ චරිතයක් විදියට පියුමි හංසමාලීව හදුන්වන්නට පුලුවන්. ඉන්ස්ටග්‍රෑම් එකේ මිලියන ගණන් ෆලෝවර්ස්ලා ඉන්න පියුමි ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් විටින් විට සමාජ මාධ්‍යයේ පුවත් මවන පියුමි හංසමාලිට ප්‍රේක්ෂකයන්ගෙන් මුල් කාලේ විවේචන අහන්න ලැබුණත් මේ වන විට නම් ඇයට ආදරය කරන දෙනා බොහෝයි.

May be an image of 2 people, dog and text that says 'Vets & Pets ANIMAL HOSPIT'

කෙලින්, ඇත්ත කතා කරන කොන්ද පණ ඇති ගැහැණියක් විදියට පියුමි හංසමාලීගේ අවංකභාවයට තමයි බොහෝ දෙනා ප්‍රිය කරන්නේ. ඉතින් මේ වන විට සත්තුන්ට සහ මිනිස්සුන්ට උදව් කරන පියුමි මුල අමතක නැති කෙනෙක් කියලා තමයි හැමෝම හඳුන්වන්නේ. ඇය ඕනම තැනක ඇගේ අදුරු අතීතය ගැනත් මතක් කරන්න ලැජ්ජා වෙන්නෙ නෑ…… ඇය අතීතය ගැන එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ මේ විදියටයි.

May be an image of 2 people, people standing and indoor

”මම ගොඩක් දුප්පත් පවුලක කෙනෙක්. මුලින්ම මම මොඩ්ලින් කරන්න යනකොට දාන්න හයි හීල්ස් දෙකක් නැතුව මම යාලුවෙකුගෙන් ඉල්ලගෙන දැම්මේ. අනික මම හිටියෙ වැස්සට තෙමෙන ගෙදරක…… ඒකයි අදට වුණත් මම ගෙදරක් නැතුව ඉන්න අයට පවා දැක්ක ගමන් ගිහින් උදව් කරන්නේ. අපේ මිනිස්සු හරිම ලෝභයි, කුහකයි. අපි මේ කිසි දෙයක් මැරෙන කොට ගෙනියන්නෙ නෑනේ. ගෙනියන්නෙ කරපු පින් ටික විතරයි….’’

May be an image of 2 people and people standing

මේ වන විට සතුටින් ජීවත් වෙන පියුමි හංසමාලී නැති බැරි අයට උදව් කරමින් ජීවිතේ උපරිමයෙන් සතුටින් ගත කරන කාන්තාවක්. ඇය හිත හයිය ගැහැණියක්.

No photo description available.