තමන්ට කැබිනට් ඇමතිකමක් ලැබෙන්නට නියමිත බවට පළ වී ඇති පුවත තමා දැනගත්තේ ජාතික පුවත්පතක පළකර ඇති ප්‍රවෘත්තියෙන් බවත් මෙවන් ආරංචි පළකරන මාධ්‍ය දුටු විට මාධ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් පළකරමින් දන්වා තිබේ.
බැසිල්ගේ කීම මත මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන්, නාමල් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බවට පළ වූ පුවත් ලිපියක ඡායාරූපයක් ට්විටර් වෙත යොමු කර ඔහු මේ ගැන පවසා තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාරය නිමා කිරීමෙන් අනතුරුව මෙම පත්වීම් නියමිත බව එම පුවත් වාර්තාවේ දැක්වේ.
වාර්තාවේ තොරතුරු තමාට ප්‍රවෘත්තියක් බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි තත්ත්වයන් මාධ්‍ය ප්‍රතිසංස්කරණවල දැඩි අවශ්‍යතාවය ඉස්මතු කරන බවයි.