උදාරි කෞශල්‍යා ගැන කතාකරද්දී බොහෝ දෙනෙක් අතරේ නිතරම කතාබහට ලක්වෙන චරිත අතරේ ඉහලින්ම සිටින කෙනෙක් කිව්වොත් හරි. උදාරිගේ අතීත ජිවිතේ සිදුවීම් ගැන බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා. ඇය විවාහ වී සිටියේ මෙරට ප්‍රකට කලා පවුලක අයෙක් සමඟ වුවත් මේ වන විට ඇය එම විවාහයට සමු දී අවසන්. ටික්ඉටොක් නිසා වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ඇය සමඟ කළ කතා බහක උපුටනයක් තමයි මේ.
උදාරි දැන් වැඩිය කලා කටයුතු වල දකින්න නෑ, ඇයි ඒ ?
”රංගනයෙන් ටිකක් ඈත් වෙන්න සිදුවුණා…. ඒ මගේ ව්‍යාපාරත් එක්ක කාර්යබහුල වුණ නිසයි….”
කොහොමද එතකොට ව්‍යාපාරික කටයුතු ?
”දැන්නම් බිස්නස් ටිකක් අඩුයි, මම මගේම නිමි ඇඳුම් ව්‍යාරයක් තමයි කරගෙන යන්නේ…. ඇඳුම් නිර්මාණය, නිෂ්පාදනය, බෙදාහැරීම, ප්‍රචාරක කටයුතු හැමදේම කරන්නේ මම…. පෞගලික ව්‍යාපාරයක් නිසා වැඩි කාලයක් ඒ සඳහා යොමු කරන්න වෙනවා….. මගේ ඩාන්සින් ක්ලාස් එකත් නවත්තන්න සිද්ධ වුණා ව්‍යාපාරික කටයුත්තත් එක්ක. නමුත් මේ වන විට ආයෙත් වැඩ අරඹලා කරගෙන යනවා. ළමයි ගොඩක් ඉගෙන ගන්න එන නිසා එක පාරම ඒක නවත්වන්නත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ….”
ඔබ දැන් කලාවෙන් ඉවත් වෙලාද එතකොට ?
”මගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න තුරු රඟපාන්න චරිත වලට ගියේම නැහැ. ඇඳුම් කියන්නේ හැමදාම අලුත් වෙන දෙයක් සහ හැමෝටම නිරන්තරයෙන් වුවමනා දෙයක්නේ….. ඒක නිසයි ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තේ…… කාලයක් මම අමෙරිකාවේ පදිංචි වෙලා හිටියා, එතකොටත් රංගනයෙන් ඈත් වෙලානේ හිටියේ. එහෙමයි කියලා කලාවේ මට තියන තැන හැමදාමත් එහෙමම රැඳිලා තියනවා කියලා හිතනවා…..”
එහෙම හිටියට කලාවෙන් ඔබට වැඩ නොලැබුණොත් මොකද කරන්න හිතන්නේ?
”ටික කාලයක් නිහඬව හිටිය කියලා මට වැඩ නොලැබී යන එකක් නැහැ….. මගේ අම්මටයි තාත්තටයි ව්‍යාපාර ගැන හොඳ දැනුමක් තියන නිසා මගේ වැඩ වලටත් ගොඩක් උදව් ලැබෙනවා. මගේ පෙම්වතාත් ව්‍යාපාරයක් කරන කෙනෙක්, එයා රංගනයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. දියුණුවක් වෙන්න කරන හැමදේකටම එයත් උදව් කරනවා. මගේ වැඩ වලට එයාගෙන් කිසිම බාධාවක් නැහැ…..”
පෙම්වතා ගැනත් කියමු ?
”වෙස්මුහුණු දාගෙන ඉන්න සමහර මිනිස්සුන්ට මං රැවටුන කාලෙකුත් තිබුණා… වෙස්මුහුණු ගළවපු කෙනෙක් මට හම්බවුණා කිව්වොත් හරි. ගෙවී ගියපු කාලයත් එක්ක මම දැන් ගෙවන ජිවිතේ ගැන තෘප්තිමත් වෙනවා. හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලත් කතාවක් තියනවානේ….. විවාහයකට කලින් ගැහැනු ළමයෙක් බොහෝ වාරයක් හිතන්න ඕන…. ගොඩක් වෙලාවට සමහරුන්ගේ ඇතුලාන්තය එලියට එන්නේ විවාහයෙන් පස්සේ…”
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්‍රිත්ව තලාක්” ක්‍රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්‍රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)