උණුසුම් පුවත්
Search
MANEESHA

”මම ආදරෙන් රැවටුණා, මගේ ජීවිතේ ගත්ත හොදම තීරණය තමයි අශේන්” – මනීෂා චංචලා

206

ගායිකාවක්, රංගන ශිල්පිනියක් විදියට අපි කවුරුත් ආදරය කරන ඇය නමින් මනීෂා චංචලා. පුංචි තිරයේ හුරු බුහුටි ඇය සිදූ ටෙලිනාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ඉතින් ඒ විදියට කාගේත් ආදරය ලබා ගත්ත මනීෂා ගැන පසුගිය කාලයේ එක එක දේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනා.

image 103

ඒ අතර ඇගේ ප්‍රේම සම්බන්ධය බිද වැටීම නිසයි බොහෝ දෙනා ඇය ගැන කතා කරන්න ගත්තේ. ඇගේ පෙම්වතාව සිටි ඔහු අපි කවුරුත් දන්න කලිදු. කලිදු, නිවේදකයෙක් ලෙස බොහෝ ජනප්‍රිය අයෙක්.

image 104

කොහොම නමුත් කලිදු නම් පසුගිය දවසක කියා තිබුණේ තමන් සහ මනීෂා අතර තිබු සම්බන්ධය බිඳ වැටෙන්න හේතුව ඔහු නොදන්නා බවත්, ඒ ගැන ඔහු හෝ ඇය හේතු කියන්නට ඉදිරිපත් වුණේ නැති බවත්ය.

ඉතින් මනීෂා නම්, කියන්නේ ඇය මීට පෙර ආදරය නිසා රැවටුනා කියලයි. ඒ විදියට ආදරයෙන් පැරදුන, රැවටුන මනීෂාට දැන් දැන් මංගල සීනු හැඩ වෙලා කියලා මේ වන විට නම් ප්‍රේක්ෂකයන්ට ආරංචි වෙලයි තියෙන්නේ.

image 102

ඒ මනීෂා මේ වන විට අලුත් ආදර කතාවක පැටලිලා කියලයි ආරංචිය. ආදරය උපරිමයෙන් විදින කාලයක මනීෂාගේ පෙම්වතා කවුද කියලා අපි කවුරුත් දන්නවා. ඒ ජනප්‍රිය කඩවසම් තාරුණ්‍යයේ රංගන ශිල්පී අශේන් සිරිවර්ධනයි. ඉතින් මේ ආදර කතාව ගැන මනීෂා කිව්වේ මේ වගේ අදහසක්.

” අපි ජීවිතේ එක් එක් කාල වලදී ආදරය නිසා රැවටෙනවා. ආදරයෙන් පරාද වෙනවා. ඉතින් මමත් ඒ විදිටර රැවටුනා…. මොකද දුර ඉන්න කෙනා නෙමෙයි ළගට ආපුවම ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපි රැවටෙන්න ඕන නෑ. මොකද අපි ඇත්තටම ආදරේ කරන නිසා. ඉතින් මම මගේ ජීවිතේ ගත්ත හොදම තීරණය තමයි අශේන්.”

image 105