උණුසුම් පුවත්
Search
samitha 1 1

”මම අවුරුදු 10ක් තනියෙන් හිටපු කෙනෙක්, ඒ කාලේ කවුරුත් මගේ සැප දුක ඇහුවේ නෑ” – සමිතා මුදුන්කොටුව

138

සංගීත ලෝකය තුළ මිහිරි ප්‍රේමණීය කටහඬකට උරුමකම් කියන දක්ෂ ගායිකාවක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ. ඇය සම්බන්ධයෙන් කතා කරද්දී ඇය මේ වන විට සමාජ මාධ්‍ය හරහාත් ප්‍රසිද්ධ කලාකාරිනියක් බවට පත්වෙලා අවසන්. ඇය ආදරණීය දුව සහ පුතා එක්ක තනිව ජීවිතය ගත කරමින් තමයි සිටියේ. ඉතින් ඒ ජීවිතයට අලුතින් එකතු වුණු තවත් ආදරණීය චරිතයක් ඉන්නවා.ඒ තමයි චිරන්ත…..

image 295

ඉතිං කවුරුත් දන්නවා සමිතා මුදුන්කොටුව විවාහ වෙලා හිටියෙ අතුල අදිකාරී සමග කියන්න. නමුත් කාලයක් යද්දි මේ දෙන්නා තීරණය කරනවා මේ විවාහයට සමුදෙන්න. කොහොම හරි විවාහයෙන් අතුල අධිකාරි සමුගත්තට පස්සේ සමිතා තමන්ගේ ආදරණීය දරුවන් දෙන්නත් තනියෙන් හදාගෙන අවුරුදු 10යක කාලයක් ජීවත් වුණා.

image 296

කෙසේ නමුත් අද වන විට ආදරණීය ස්වාමි පුරුෂයා වන චිරන්ත සමග ගොඩක් සතුටින් ඇය ජීවිතය ගත කරනවා. ඉතින් ඇයගේ ආදරය සහ ඇයගේ ජීවිතය පිළිබඳව නොයෙක් අවස්ථාවන් වලදී අවස්ථාවන්වල දී සමිතා අදහස් ඉදිරිපත් කරනවා. ඒ විදිහට ඇය කලකට කලින් කියපු සුන්දර කතාවක් තමයි මේ…..

image 294

“ගොඩක් අය එයයි මායි ගැන දැනගත්තේ වැඩසටහනක් නිසා. මම අවුරුදු 10ක් තනියෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කාලේ කවුරුත් මගෙන් ඇහුවේ නෑ ඔයා කොහොමද ජීවත් වෙන්නේ කියලා. කොයිතරම් දේවල් අතපසු වෙනවද කියලා කවුරුත් මගෙන් ඇහුවේ නෑ…. ජීවත් වෙන්න පුළුවන් ද කියලවත් ඇහුවෙ නෑ. හැබැයි බුදුන්ගේ පිහිටෙන් මම මගේ දරුවෝ දෙන්නත් හදාගෙන අම්මයි තාත්තටයිත් සලකාගෙන මගේ ගමන ලස්සනට ආවා. මම චිරන්ත ගැන කිව්වා විතරයි ගොඩක් දෙනෙක් මට ගොඩක් දේවල් කියන්න පටන් ගත්තා. හැබැයි ඒ කිසිම දෙයක් මම භාරගත්තේ නැහැ. ඒ නිසා අදටත් මම ජීවිතයේ හිනාවෙලා කල් ගත කරනවා….”

image 297

ගොඩක් අය ඇයගේ මේ ආදරේට විවිධ කටකතා නිර්මාණය කළා. නමුත් ඇයම සඳහන් කරන ආකාරයට අනුන් කියන දේ අපේ ජීවිතයට අපිට වැදගත් නැහැ. අපි කළ යුත්තේ අපේ හරි කියලා හිතන දේ පමණයි කියලා ඇය නිතරම පවසනවා.

image 298