උණුසුම් පුවත්
Search
shalani

”මගේ ආදරේ හංගගෙන හිටපු නිසා තමයි පරිස්සම් කරගන්න පුලුවන් වුණේ” – ශලනි තාරකා

19673

අවුරුදු ගණනාවක්ම එක දිගට ජනප්‍රිය නිළිය කාණ්ඩය නියෝජනය කරපු ඇය සුරූපි දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා. ඉතින් සම්මානනීය රංගන ශිල්පිනී ශලනි රංගනය කල ටෙලිනාට්‍යය ගණන් කල නොහැකි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ තරමට ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙනවා.

May be an image of 1 person and standing

මෑත කාලයේ ඇයව වැඩිපුර කතා බහට ලක් වුණේ සිරස නාලිකාවේ විකාශය වූනු ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ ස්නේහා විදියටයි. ඉතින් දැන් ආයෙමත් ශලනිගේ අලුත්ම කතාවක්වන ‘අක්ෂි’ ටෙලිනාට්‍යය තුළිනුත් දැක ගන්න පුලුවන්.

May be a closeup of 1 person and standing

ඉතින් ජනප්‍රිය ටෙලිනාට්‍යය රංගන ශිල්පිනියක් විදියට ශලනි ජනප්‍රියත්වය ලැබුවත් ඇයට ලැබෙන ටෙලිනාට්‍යය ආරාධනාවන් ඇය විසින් ප්‍රතික්ශේප කරන්නේ නෑ. ගිරි දේවි නිසාත් ශලනිට බොහෝ ප්‍රේක්ෂක ආදරයක් තියෙනවා.

May be an image of 1 person and jewelry

ඒ කොහොම වුනත් මේ දිනවල ශලනිගේ ආදර කතාවක් ගැන හැමෝම කතා බහ වෙනවා. නමුත් ඇය පැහැදිලිව ඇගේ පෙම්වතා මාධ්‍යට පෙන්වලා නෑ සහ ඔහු ගැන තවම රසිකයින්ට හදුන්වා දීලා නෑ….. ඒ ගැන ශලනි මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

”මම පහුගිය දවස් වල ලංකාවේ හිටියෙ නෑ. විදෙස්ගත වෙලයි හිටියේ. මගේ ආදර කතාව මේ තරම් කාලයක් ගෙනියන්න පුලුවන් වුනේ ඒ ගැන නොකියා හිටපු නිසයි. නමුත් මම කිව්වෙ නැති වුණාට ගොසිප් නම් ඕන තරම් යනවා ඒ ගැන. මම දැන්ම ඔහු ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ….. පසුවට කියන්නම්. ඒකට හරි කාලය ආවම. ඉක්මනටම විවාහ වෙන්න තමයි ඉන්නේ.’’

May be an image of 2 people and people standing

May be an image of rose

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා අදහස් දක්වලා තිබුණේ.