නෙහාරා පීරිස් කියලා කියන්නේ මේ දිනවල දි කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය ඔස්සේ කරලියට පැමිණි ඇය සැබවින්ම හුරුබුහුටි දඟකාර දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ එම දගකාර ගතිගුණ නිසාම බොහෝ රසිකයන් ගේ ආකර්ෂණය සහ ආදරය ඇයට හිමි වන බව නම් නොරහසක්. කොහොම නමුත් ඉතින් ඔබ අප කවුරුත් දන්නවා නෙහාරා පීරිස් කියලා කියන්නේ මේ වන විට ආදරණීය බිරිඳක් වගේම සුන්දර මවක් වනවා. ඉතාම සාර්ථක ලෙස සිය පවුල් ජීවිතය ගෙන යන ඇය විවාහ වන්නේ අප කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමඟයි. ඒ ඇයගේ සහ ඔහුගේ දෙවන විවාහයන් ලෙසයි.

ඔවුන් දෙදෙනාම මින් පෙර විවාහ ජීවිත ගත කළ අය වන අතර ඔවුන්ගේ ජීවිත තුළ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම ජීවිත වලින් අයින් වී ඔවුන් දෙදෙනාගේම කියා ජීවිතයක් ගත කිරීමට ඔවුන් තීරණය කරනවා. ඔවුන් අදහස් වලින් සහ ගතිගුණවලින් ගැලපෙන නිසාම තමයි අදටත් ඉතාම සාර්ථක විදිහට සිය පවුල් ජීවිතය ගෙන යන්නේ. ඉතින් මේ වන විට ඔවුන්ගේ ජීවිතය තවත් එලිය කරමින් මෙයීලී නමින් සුරතල් දියණියක් ඔවුන්ගේ පවුලට එකතු වී ඉන්නවා. ඒ වගේම තමයි තවත් ආරාධිත අමුත්තියක් ඔවුන්ගේ පවුලට එකතුවෙන්නට තමයි යන්නේ. ඉතින් කවුරුත් දන්නවනේ නෙහාරා පීරිස් මේ වන විට සිය දෙවැනි මව් පදවියට සූදානම් වෙමින් තමයි සිටින්නේ.

ඉතින් ඇය කියන විදිහට ඇය දරුවන්ට ගොඩක් ආස චරිතයක්. එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය කියනවා අවුරුදු 20 ගණන්වල දි ඉඳන් ඇය දරුවන් හදලා ඉවර කරන්න හිතුවලු. ඉතින් එය ඇය කියන්නේ මේ විදියට.

” මගෙයි මේනකගේ හැම වැඩක්ම ඉවර කරලා බබෙක් හදන්න plan කලහම මම pregnant වුණා. ඊට පස්සේ හිතුවා මෙයිලිට අවුරුද්දක් ගියාම ආයේ බබෙක් ගැන හිතනවා කියලා. ඒකත් දැන් වුණා. දැන් මං ගොඩක් සතුටින් ඉන්නේ. මම ආස වුණේ මට අවුරුදු 20 ගණන් වලදිම බබාලා හදලා ඉවර කරන්න. නමුත් ඒකනම් කරගන්න බැරි වුණා. “
ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
