සුජානි මේනකා කියන්නේ නම අහපු ගමන්ම ඒ සුන්දර රුව හිතේ මැවෙන ආදරණීය චරිතයක්. ඒ වගේම සුජානි මේනකා විවාහා වෙලා ඉන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමගයි. පුංචි තිරය හරහා කාගේත් ආදරය දිනාගන්න සමත්වුන සුජානි කියන්නේ නිතර පුංචි තිරයෙන් දැකගන්න පුළුවන් චරිතයක් නෙවෙයි….. ඉතින් දැන් අපි කතා කරන්න සුදානම් වෙන්නේ ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආදරේ කරන සුජානි මේනකා සමග…. මේ කතාබහ ඇය සමඟ කළ සාකච්ඡාවකින් උපුටා ගත්තක්.
සුජානි කොහොමද කලාවට ඇවිත් මේ විදියට ජනප්‍රිය වුනේ?
”මම මුලින්ම සම්බන්ධ වුනේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ “ප්‍රාර්ථනා” කියන ඒකාංගික ටෙලිනාට්‍යයට… ඒ වෙද්දී මගේ වයස අවුරුදු 03යි, පළමු රංගනයටම ඇගයීමේ උත්සවයකදී මට කුසලතා සම්මානය ලැබුණා. ඊට පස්සේ මම සම්බන්ධ වුනේ රුපවාහිනී වෙළඳ දැන්වීමකට. ඒ දැන්වීම නිසා තමයි මම වැඩිපුරම ජනප්‍රිය වුනේ….”

සුජානි කියන්නේ ලෝබ නැතුව හිනාවෙන රංගන ශිල්පිනියක් කියලා ගොඩක් අය කියනවා නේද..?
”ම්ම්ම්ම්… ඔව් එහෙම වෙන්න ඇති…. මොකද කවුරු මාත් එක්ක හිනාවුනත් නොවුනත් මම ඒ අයත් එක්ක හිනාවෙනවා. ඒක බොරු හිනාවක් නෙවෙයි, ඒක මගේ හදවතින්ම එන සිනහවක්. අද මම කෙනෙක් එක්ක හිනාවෙලා ඒ කෙනා මගෙත් එක්ක හිනාවුනේ නෑ කියලා ආයේ මම ඒ කෙනා හෙට දැක්කත් මම හිනාවෙනවා. අද මුළු ලෝකයක් පිලිගන්නවා හිනාවෙන එක සතුටින් ඉන්න එක පුද්ගලයන් නිරෝගී කරනවා කියලා…. හිනාවෙලා ඉන්නව නම් ඇත්තටම ගොඩක් හොඳයි….”

සුජානි මේ ලෝකේ වැඩියෙන්ම ආස කරන කාන්තාව කවුද ?
”වචන දෙකක් නෑ, මම මේ ලෝකේ වැඩියෙන්ම ආස කාන්තාව තමයි ඩයනා කුමරිය…. මම පොඩි කාලේ ඉඳලම එයාට ගොඩක් ආසයි. කොච්චර ආසද කියනව නම් මම ඉස්සර තාත්තට කියනවා ඩයනාගේ වගේ මගේ කොන්ඩේ කපන්න කියලා…. ඒ විදියට කොන්ඩේ කපලා මම ගෙදර ඇවිත් ඇවිදින්නෙත් ඇය වගේ, කතා කරන්නෙත් ඇය කතා කරනවා වගේ…. ඒ තරමට මම ඇයව අනුකරණය කළා, ඒ සුන්දරත්වයට මම ගොඩක් ආස කලා”

කොහොම නමුත් සුජානි – බිමල් එක්ක මේ දවස් වල තියන අර්බුදකාරී ජීවන හමුවේ ජීවන අරගලයක නිරත වෙනවා. මේ යුවළ අරගල භුමිය තුළත් දැකගන්නට ලැබුණා. ඉතින් මේ රටේ තත්ත්වය සමනය වෙලා ඔවුන්ගේ කලා කටයුතු වලට නැවත ඉඩ හසර ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.








- ”එයා දුවෙක්” – කෝටිපති සැමියා පුදුමයට පත්කරමින් පළමු වරට මව්පදවිය ලබන සෙව්වන්දිගේ බබාගේ Gender Reveal පාටි එක
- රටේම අවදානය දිනූ අසේකා විවාහයෙන් පසු පළමු වරට රූපවාහිනී වැඩසටහනකට හැඩ වූ හැටි (ඡායාරූප සහිතයි)
- කරදරේ බැරිම තැන ආලියා භාත් දරු ගැබ පැපරාසීට පෙන්වයි (ඡායාරූප සහිතයි)
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන