උණුසුම් පුවත්
Search
kasun and madhavee

”මට ඕනි මාධවීගේ අන්තිම ආදරේ වෙන්න” – පෙම්වතා කසුන් කියපු කතාව

268

අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය මාධවී ඇන්තනී තෙවැනි වරට විවාහ වීමට යන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගින් බව මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. ඔවුන්ගේ විවාහ උත්සවය නොබෝ දිනකින් පැවැත්වෙන අතර කසුන් කාන්තා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ පවසා සිටිනවා…..

May be an image of 2 people, henna and text

මාධවී කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. ඇය පෙම්වතිය කරගන්න යද්දි ඒක ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

“කිසිසේත්ම නෑ…. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා. ජීවිතේ අවබෝධ කරගන්නවා….. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට ‘සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ….

May be an image of 2 people, henna and wedding

මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා….. මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි. මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න…. අන්තිම විවාහය වෙන්න. එයාට ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිදෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න!”

May be an image of 2 people, beard and people smiling

No photo description available.