උණුසුම් පුවත්
Search
oshani sandeepa

”මං කැමති මාත් එක්ක විදෙස්ගත වෙන්න කැමති කෙනෙක්ට” – ඔශානි සංදීපා

270

පුංචි කාලයේදීම රියලැටි වේදිකාව හරහා සංගීත ක්ෂේත්‍රය තුළ නමක් දිනාගන්නට සමත් වූ ඔශානි සන්දීපා මේ වන විට සුන්දර යොවුන් වියේ පසුවන්නියක්. වෙනස්ම ආකාරයේ ගීත නිර්මාණ කිහිපයක් ඔස්සේ මේ අවුරුද්දේ රසික රසිකාවියන් අතරට එන්නට උත්සාහ කරන ඇය ආදරය ගැන අහද්දී පසුගිය සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මෙලෙසිනුයි.

May be an image of 1 person and smiling

කලාව තුළ ඉන්නකොට ආදර යෝජනා එහෙම එනව ඇති…?

”කලාව තුළ ආදර යෝජනා ක්ෂේත්‍රයට ආව කාලේ ඉඳන් ඇවිත් තියෙනවා. තවමත් එනවා….. එදා ඉඳන් අද වෙනකම් මම හැමතැනම යන්නේ මගේ තාත්තා එක්ක….”

ඔබ දැන් ආදරවන්තියක් ද?

”ඔව් ඉතින්… අම්මට, තාත්තට මගේ සහෝදරියන්ට යහළුවන්ට ඒ හැම කෙනෙක්ටම ආදරේ කරන හොඳ ආදරවන්තියක් මම….”

May be an image of 1 person, henna and smiling

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ?

”මම හරිම විනෝදකාමී විවෘත කෙනෙක්. මම හොයන කෙනාත් ඒ වගේ කෙනෙක් වුණොත් හොඳයි. මම විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නිසා මම කැමැතියි එයත් මාත් එක්ක විදෙස්ගත වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්…. මම පවුලේ වැඩිමල් ගැහැනු ළමයා. මගේ අම්මා, තාත්තාව මම වගේම බලාගන්න කෙනෙක් වෙන්න ඕනේ. පවුලට විශ්වාසය, ආදරේ තියෙන මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක්ට තමයි මම කැමති…”

No photo description available.

May be an image of 1 person and smiling

May be an image of 1 person and pizza

අනුෂා රණසිංහ – රසඳුන