උණුසුම් පුවත්
Search
anuradha

”මට ඕන මගේ තාත්තට වගේ මාව වටින කෙනෙක්ව” – තවම තනිකඩ අනුරාධා කියූ කතාව

535

පුංචි තිරයේ මේ දිනවල නම් ඇයව නිතරම දැක ගන්නට ලැබෙනවා. විවිධ නාලිකා හරහා විවිධ ටෙලි චරිත ඔස්සේ දැක ගන්න ලැබෙන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී අනුරාධා එදිරිසිංහයි. ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් ස්වර්ණවාහිනී නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේත් ‘නන්නත්තාර’ ටෙලිනාට්‍යයේ සහ ‘අක්ෂි’ ටෙලිනාට්‍යයෙනුත්.

May be an image of 1 person and standing

එකිනෙකට වෙනස් චරිත හරහා දැක ගන්න ලැබෙන අනුරාධා, සම්මානනීය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ආස කරන වර්ගයේ චරිත ඇයට රගපෑමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඇගේ උපන්දිනය පසුගිය දා යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් ඇයට බොහෝ දෙනාගේ සුබ පැතුම් හා ආශිර්වාදයන් ලැබුණා.

May be an image of 1 person and indoor

ඉතින් අනුරාධා එදිරිසිංහ කියන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය තවමත් තනිකඩයි. ඇය හොයන පෙම්වතා ගැන, මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය කියලා තිබුණේ….

May be an image of 1 person, standing and rose

”මාව ගොඩක්ම වටින සහ මට හිතට දැනුණු එකම පිරිමියා තමයි මගේ තාත්තා….. ඉතින් මම හොයන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්. මාව වටිනවා කියලා දැනෙන කෙනෙකුට තමයි මම කැමති. තාත්තා එක්ක හැදිලා, තාත්තගේ ගති ගුණ දැකලා තාත්තා අම්මට ආදරේ කරන විදිය දැකලා මම බලාපොරොත්තු වෙන්නෙ මගේ තාත්තා වගේ කෙනෙක්ව….. මගේ ජීවිතේ අනාගත බලාපොරොත්තු නෑ. මොකද අපි කවුරුත් නොහිතපු වෙලාවක තමයි අපේ තාත්තා නැති වුනේ…..”

මේ විදියටයි අනුරාධා එදිරිසිංහ ඇගේ අදහස් දක්වලා තිබුනේ.