2011 වසරේදී විශ්ව රූ රැජින ලෙසින් කිරුළු පැළද ලංකාවට සුවිශේෂ වු කීර්තියක් අත්කර දුන්නු සුරූපිනියක් තමයි ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ.
මේ වෙද්දී නිවේදිකාව ලෙස ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්නට සමත්වෙලා ඉන්න ඇය ‘ ද වොයිස්’ තරගයේ නිවේදන කටයුතු ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එනවා.
ව්‍යාපාරිකාවක් ලෙසත් ඇය නිමි ඇඳුම් ක්ෂේත්රයේ ප්රකටයි.

ඇය විවාහ වෙන්නේ මෙරට දක්ෂ ගායකයෙකු වන දුෂ්යන්ත් වීරමන් සමගයි.

කෙසේවෙතත් ස්ටෙෆනි කියන මේ චරිතය කාලයක් සමාජ මාධ්‍ය පුරා බෙහෙවින් කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා.

ඒ ඇය දුෂ්යන්ත් සමගින් එක්ව ගීතයක් ගායනා කිරීමත් සමගයි.
ඇත්තෙන්ම එය ස්ටෙෆනිට ලොකු අභියෝගයක් වුවත් ඇය ඊට නොබියව මුහුණ දී තිබුණා.
විදෙස් සම්භවයකට උරුමකම් කියන ඇයට සිංහල භාෂාව හසුරවන්න යම් තරමක අපහසුවක් තියෙන බව ප්‍රේක්ෂකයින් දන්නවා.

ඇයගේ ජනප්‍රියත්වයට එයත් හේතුවක්.
ස්ටෙෆනි කියන්නේ බොහෝ දුරට බටහිර පන්නයට සුදුසු විලාසිතා කරන කෙනෙක්. ඇත්තෙන්ම ඇගේ ඒ ඇදුම් විලාසිතා අපට සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා.

ඉතින් ඇය නම් කියන්නේ ඇගේ මේ විලාසිතාවන් හැමෝම අගය කරනවා කියලයි. කෙසේ නමුත් වෙනස් විදියේ විලාසිතා කරන්න ගොඩක් කැමති ඇය විවිධ උත්සව වලට සහභාගි වෙනකොට ඇගේ ඇදුම් නිර්මාණය කරන්නේ මයිකල් විජේසූරිය විසින්.
කෙසේ නමුත් තමන්ටම කැමති ආකාරයට තමන්ටම අනන්‍ය වූ විලාසිතා කරන ස්ටෙෆනි තමන් කැමති විලාසිතා ගැන පහුගිය දවසක පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
”සාමාන්‍ය ගමනකදී මගේ ඇගට ගැලපෙන ෆැෂන් කරනවා. මම ආසයි ටිකක් කොටට ඇදුම් අදින්න. මම සමහර ඇදුම් ඇන්දම කට්ටිය අහනවා කොහෙන්ද ඇදුම ගත්තේ කීයද කියලා….. පිළිවෙලට, පිරිසිදුවට, ගැලපෙන විදියට ඇදුමක් ඇන්දම ආත්ම විශ්වාසයක් ලැබෙනවා.

මම පිටරටක ඉපදුනේ…. ඉතින් පොඩි කාලේ ඉදලා දැක්කේ බෝනික්කො වගේ ලස්සන සුදු ළමයි. ඉස්සර මම එච්චර ලස්සන නෑ…. අනික මහතයි.

යාලුවො මට විහිලු කරනවා… එතකොට මම ගෙදර ඇවිත් අඩනවා හොදටම, මට ලස්සන වෙන්න ඕනේ කියලා…. එතකොට අම්ම මට කියනවා පුතේ ඔයා ඔයාම වෙන්න කියලා….”

මේ විදිහට තමයි ඇය තමන් කරන ඒ අලුත්ම විලාසිතාවන් ගැන අදහස් දක්වලා තිබුණේ.
ඉතින් මේ ජනප්‍රිය චරිතයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට වගේම ඉදිරි වැඩ කටයුතු සියල්ල සිතන විදියටම ඉටුවෙන්න කියලා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
