උණුසුම් පුවත්
Search
maheshi 1 2

”සැමියාට ගෞරවයක් විදියට තමයි මම එයාගේ වාසගම පාවිච්චි කළේ” – මහේෂි කියන කතාව

328

මහේෂි මදුසංකා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඉතින් ඇය රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ විවිධ ටෙලි නාට්‍යත් එක්ක සම්බන්ධ වුණත් මේ දවස්වල නම් ඇය අපිට දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටයි.

No photo description available.

මහේෂිට ඒ කාලේ ඉඳන්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න ආසාවක් තිබිලා තියෙනවා. හැබැයි ඒ හීනේ මේ තරම් ඉක්මනින් හැබෑ වෙයි කියලා ඇය හිතලා නැහැ….. වාසනාවකට ස්වර්ණවාහිනී ආයතනයෙන් ඇයට ආරාධනාවක් ලැබුණා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට එකතු වෙන්න කියලා.

May be an image of 3 people and people smiling

ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඇය විදෙස්ගත වෙන්න තීරණය කරන මොහොතේ වුනත් ඒ ගමනත් මදකට පසුපසට දාලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙනවා. ඇයට මේ සඳහා දිරිමත් කරමින් උදව් උපකාර කරපු යෝධ සෙවනැල්ල තමයි ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා…. ඉතින් ඒ දේවල් එක්ක ඇය පළමු වතාවට ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී ඇය ප්‍රවෘත්තිය කියන විට පාවිච්චි කරේ ඇයගේ නමේ මුල කොටසත් සමග වෙනස් වාසගමක්…. ඒ සම්බන්ධයෙන් මහේෂි කිව්වේ මේ වගේ කතාවක්.

May be an image of 1 person, television and newsroom

“මම නිවුස් කියදි පාවිච්චි කලේ මගේ සැමියාගේ වාසගම. ඇත්තම කතාව නම් මම සියල්ලම අතඇරලා ඩුබායි වල පදිංචියට යන්න හදපු වෙලාවේ තමයි සම්පත්, මගේ සැමියා කිව්වේ ඔයාට මේක හොඳ අවස්ථාවක් බාරගන්න කියලා….. එයා ඒ අවස්ථාව මට ගන්න කියලා දුන්න විශ්වාසයට ඔහුට පෙරළා කරන ගෞරවයක් විදිහට තමයි මම නිවුස් කියද්දී මගේ වාසගම වෙනුවට සැමියාගේ වාසගම පාවිච්චි කරේ. මම මීට පෙර කවදාවත් මහත්තයාගේ වාසගම පාවිච්චි කරලා තිබුණෙ නැහැ….. මොකද මම සැමියාගෙන් ගොඩ යන කෙනෙක් නෙවෙයි. එයත් දැනගෙන හිටියේ නෑ ඒ සම්බන්ධයෙන් ඇත්තටම මගේ මහත්තයත්…. ඒ නිසා එයත් පුදුම වුණා. හැබැයි ගොසිප් වල දාලා තිබුණා මම බයට නම වැරදියට කිව්වා කියලා… ඒත් එහෙම දෙයක් නෙවෙයි වුණේ…”

May be an image of 1 person, television and newsroom

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person and smiling