උණුසුම් පුවත්
Search
achini

”මට පිළිකාව නිසා දරුවෙක් හදන්න බැරි වෙයි කියලා හිතුණා” – ඉඳුනිල්ගේ බිරිඳ කරන සංවේදී හෙළිදරව්ව

1151

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ ගොඩක් දෙනෙක් ආදරේ කරන ආදරණීය කලාකරුවෙක් තමයි ඉඳුනිල් අන්දරමාන කියන්නේ. පසුගිය කාලයේ දී ඔහු ගැන වැඩිපුර කථා කලේ එක්තරා ප්‍රසංගයකට සහභාගි වෙලා ඉන්නා අතරේ ඔහුට එල්ල වූ ගල් ප හා රක් නිසයි. නමුත් ඔහු කොයි තරම් නිහතමානී කලාකරුවෙක් ද කියනවා නම් කිසිම අවස්ථාවකදී එය සිදු කළ පුද්ගලයා පිළිබඳව සටහනක්වත් සමාජ මාධ්‍ය තුළ තුළ හුවමාරු කළේ නෑ.

ඉතින් මේ විදිහට නිහතමානි හදවතේ ගායකයෙක් විදිහට ප්‍රේක්ෂකයන් අතර ඉන්න ඉඳුනිල් කලකට ඉහත දී ටිකක් අවුල් සහගත ජීවිතයක් ගත කරපු චරිතයක්.ගොඩක් දෙනෙක් ඔහුට විවිධ චෝදනා එල්ල කරන්න පටන් ගත්තා.අපිළිවෙලට ජිවත් වෙච්ච ඔහුගේ ජීවිතය පිළිවෙල කරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ.

image 210

මේ බිරිඳ ඔහුගේ අත අල්ලගෙන ඔහුත් එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා. හැබැයි ඉඳුනිල් කියනවා ඔහුගේ අත හැරලා ඇයට හොඳ ජීවිතයක් ගත කරන්න කියන දේ.නමුත් සියලුම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන ඇය තීරණය කරනවා ඉඳුනිල් එක්ක ජීවිතය ජයගන්න. ඒ වගේම තමයි ඉඳුනිල්ගේ ආදරණීය බිරිඳගේ තවත් එකම බලාපොරොත්තුවක් තමයි උතුම් මව් පදවිය ලබන එක. විවාහ වෙන්න කලින් ඉඳන්ම ඇය එකට ආස කරපු කෙනෙක්. තව නොසිතූ වෙලාවක ඇයට ඒ සිහින සැබෑ කරගන්න බැරි වේදෝ කියන මට්ටමකට ඇය අසනීප වුණා. ඉතින් ඒ දුක්බර අතීතය ගැන තව කෙනකුටත් දැනුවත් වෙන්න ඇය කිව්වේ මේ වගේ කතාවක්.

image 211

“තරුනියකගේ හොඳම කාලේ ඒ කියන්නේ අවුරුදු 25 දී මට හිතාගන්නවත් බැරි විදිහට ලියුකේමියා රෝගය වැලදුනා. හැබැයි පවුලේ කාටවත් තිබුණෙ නැහැ. මම හිතුවා දැන් මම මැරෙනවා කියලා…. හැබැයි doctor ඔයාගෙ හිත හයියයි වගේ ඒ නිසා ටිකක් කතා කරමු කියලා මාත් එක්ක කතා කළා.

image 206

ඒක කියද්දී අම්මා හිටියේ ඩොක්ටර් රූම් එකෙන් එළියෙ. ඒ වෙද්දි මම දන්නවා මට කැන්සර් එකක් කියලා. ඒක තහවුරු වුණා. මට මේක අම්මට කියන්නත් බෑ ඒ නිසා මම ඇස් දෙකට ආපු කඳුළු ගල් කරගෙන එලියට ආවා. අම්මෝ මොකක්ද ලෙඩේ කියල මම කිව්වා නෑ නිකං චූටි දෙයක් කියලා. ගෙදර කාටවත් මම කිව්වේ නැහැ. මම රෑ අඬලා අඬලා ඔෆිස් ගියා. මම බොස්ට මේ ගැන කිවුවහම ඇත්තටම එයා කිව්වා බය වෙන්න එපා අපි කරන්න ඕනෙ දේවල් කරමු කියලා. මම මේ වෙලාවේ මම වැඩ කරපු ආයතනය සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ කාලේ මම මේ හිටියටත් වඩා fashion කළා ෆොටෝස් ගැහුවත් ට්‍රිප් ගියා. ගොඩාක් සතුටෙන් තමයි හිටියේ. ඊට පස්සේ ප්‍රතිකාර ඉවර වෙන්නත් කලින් මම නැවත සුව වුණා”

image 209

ඉතින් ඔන්න ඔය විදිහට විදියට තමයි ඒ පිළිකාමය රෝගී තත්ත්වයෙන් පෙනුණු ආකාරය පිළිබඳව අදහස් දැක්වූයේ. ඒ වගේම ඇය සඳහන් කරනවා මාස දෙකකට පස්සේ ඔක්කොම ප්‍රතිකාර පටන් ගත්තටත් පස්සේ තමයි ඇය තමන්ගෙ අම්මටයි තාත්තටයි කියලා තියෙන්නේ ඇයට පිළිකාමය රෝගී තත්ත්වයක් තියෙනවා කියන දේ. ඒ වගේම තමයි ඇය ඒ කාල සීමාවේදී හිටියටත් වඩා හොඳට ඔෆිස් ගිහින් හැමදාම ඔෆිස් එකේ වැඩ පිලිවෙලට කරලා යාළුවොත් එක්ක සතුටින් ඉඳලා තියෙනවා.

image 208

හැම වෙලාවෙම මම අද මැරෙයිද හෙට මැරෙයිද කියලා දුක් වෙවී ඉඳල නැහැ. අන්න ඒ හේතුව නිසාම තමයි ඇයට මේ තරම් ඉතාමත් ඉක්මනින් සුව වෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. අවසානයයි කියන්නේ පිළිකාවක් යන රෝගී තත්ත්වයක් නෙවෙයි හුදෙක් විටමින් ඌනතාවයක් නිසා ඇති වන දෙයක් ඒ නිසා ඒ දේත් අපි නිරෝගී ව හොඳ මනසින් මුහුණ දුන්නොත් කාටවත් ජීවිතය අකාලයේ නැති කරගන්න ඕනි නැහැ කියන දේ.

image 207