උණුසුම් පුවත්
Search
Jodie

“මම බබාට කියනවා, එයා ඔලිම්පික් වේදිකාවේ හිටියා කියලා” – දරු ගැබක් දරාගෙන පැරා ඔලිම්පික් පදක්කමක් දිනූ ජෝඩි ග්‍රින්හැම්

96

නිමාව දුටු පැරිස් ඔලිම්පික් හිදී සත් මසක දරු ගැබක් දරාගෙන තරග වැදුණු නාඩා හෆීස්ව (Nada Hafez) ඔබට මතක ඇති.

ගැබිණියක් වුවත් ක්‍රීඩාව සහ ජීවිතය සමබරව ගෙන ගිය ඇයට ඔලිම්පික් උළෙලේ විශේෂ අවධානයක් යොමු වුණා.

Egyptian Fencer Nada Hafez Is 7 Months Pregnant

නාඩා හෆීස්ගේ කතාවට සමාන ම වූ කතාවක් මෙවර පැරා ඔලිම්පික් වලිනුත් අහන්න ලැබෙනවා.

ඇය නමින් ජෝඩි ග්‍රින්හැම් (Jodie Grinham)

ජෝඩි දුනු ශූරියක්. ඇය මෙවර පැරා ඔලිම්පික් නියෝජනය කරන්නේ තනියම නම් නෙවෙයි. ඇගේ තනියට තවම මෙලොව එළිය නොදුටු පුංචි අමුත්තෙකුත් ඉන්නවා.

ඒ කියන්නේ ජෝඩි, නාඩා හෆීස් සේ ම සත් මසක ගැබිණියක්.

Para archer Jodie Grinham becomes 1st athlete to win Paralympics medal while pregnant

දරු ගැබත් දරාගෙන තරග බිමට පිවිසි ඇය කාන්තා ඒකල තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්කම් දක්වනවා.

2016 රියෝ ක්‍රීඩා උළෙලේදී මිශ්‍ර කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු මෙලෙස ජෝඩි තමන් සන්තක කරගන්නේ ඇයගේ පළමු පැරාලිම්පික් පදක්කම වීම සුවිශේෂීයි.

Paralympic Archer Jodie Grinham Just Competed While 7 Months Pregnant | SELF

විදෙස් වාර්තාවන්ට අනුව පැරිසියේ වෛද්‍ය පහසුකම් යටතේ මේ කාලය ගත කළ 31 හැවිරිදි ඇය, තරගය අවසන සඳහන් කර තිබුණේ තමන් ගැන සැබවින්ම ආඩම්බර වන බවක්… ඒ දුෂ්කරතා මධ්‍යයේ වුව ලැබූ ජයග්‍රහණය ගැන.

“මම මා ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි. එය පහසු නොවීය. නමුත් මම සහ දරුවා නිරෝගීව සිටින තාක් කල්, අපට තරඟ කළ හැකි බව මම දැන සිටියෙමි. මම බබාට කියනවා ‘ඔයා හිටියා, පැරාලිම්පික් වේදිකාවේ’ කියලා…”

Jodie Grinham is the 2024 Paralympic bronze medallist