උණුසුම් පුවත්
Search
adithya

”මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්, ඒ නිසා සිංහල ඒ තරම්ම බෑ” – ආදිත්‍යා වැලිවත්ත

3226

රියැලිටි තරගාවලියක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආ මේ සුන්දර කලාකාරිනිය තමයි ආදිත්‍යා වැලිවත්ත කියන්නේ. ඇය පසු කාලීනව කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් බවට පත් වෙන්නේ පුංචි තිරයෙ නිවේදිකාවක් විදිහට කටයුතු කරන නිසයි. සජ්ගායනා නැමැති සංගීතමය වැඩසටහන මෙහෙයවන්නෙ ඇය විසිනුයි. ඉතින් මේ වැඩසටහන තුළ යුග ගණනාවක සංගීත කරලියේ ආ ගිය තැන් මතකයන් ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයන්ට එය රසවිඳින්න ඇය අවස්ථාව උදා කර දුන් නිසයි.

image 223

ආදිත්‍යා නිවේදිකාවක් විදිහට ඒ ආකාරයෙන් කටයුතු කරද්දී ඇය සංගීත ක්ෂේත්‍රයෙන් ඉහලට යන්නත් අමතක කරන්නේ නැහැ. ඇගේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා… අම්මයි තාත්තයි අක්කයි මල්ලියි සහ ඇයයි. ඉතින් මේ පස් දෙනාම හරිම සතුටෙන් ජීවත් වෙනවා කියලා තමයි ආදිත්‍යා කියන්නේ.

image 224

ඇය විල්ස්ටන් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හදාරන අතර මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් ඉගෙනීම් කටයුතු කරනවා කියලත් සඳහන් කළා. ඒ සෑම අවස්ථාවකදීම මහන්සි වෙන්නේ ඇගේ හිතේ තියෙන හීනය කරා ගමන් කරන්න.ඒ ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

image 225

“මම කොහොමත් සංගීත අංශයෙන් ඉදිරියට යනවා….. ඒත් මම කරගෙන යන මේ නිවේදන කටයුතු පසුව කරන එකක් නැහැ. මම මගේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා ඕනිම දෙයක් කරන්නේ. මට ඉංග්‍රීසි භාෂාව පුළුවන් වුණාට සිංහල භාෂාව එතරම් බැහැ. මොකද මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා…… මම කැමැතියි ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවේදන කටයුතු කරන්න. චන්දන සර් ගේ උනන්දුව නිසා අද මට මගේ මව් භාෂාව හොඳින් හසුරුවන්න පුළුවන් වෙලා. ඒ ගැන මම ඉන්නෙ හරිම සතුටින්.”

image 226

ඇයට මුලින් හොඳට සිංහල කතා කරන කරන්න හැකියාවක් නැහැ. මොකද ඒ ගොඩක් ඉගෙන ගෙන තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා. ගොඩක් අය ඇයට චෝදනා කරලා තියනවා ඔයාට ඉංග්‍රීසි බෑ කියලා. නමුත් උත්සාහය ඇති වෙනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා හිතපු අය ගොඩක් පොත් පොත් පත් පරිශීලනය කරන්න පටන් අරන් ඒ නිසාම ආදිත්‍යයට අද වෙද්දි සිංහල භාෂාවත් හොඳට ලස්සනට කතා කරන්න පුළුවන්.

image 227