උණුසුම් පුවත්
Search
anuradha

”මං ඒලෙවල් වලට ඉගෙන ගත්තේ නීතීඥවරියක් වෙන්න” – අනුරාධා එදිරිසිංහ

316

ප්‍රවීණ රංගනවේදිනී අනෝජා වීරසිංහ මහත්මියගේ අභීන රංගන පාසලෙන් ඇය පුහුණුව ලැබුවාය. අනතුරුව රූපවාහිනි වෙළෙඳ දැන්වීමකට පෙනීසිටීමට අවස්ථාව උදාවූවාය. ඇගේ කලාවේ ගමන ආරම්භ වූයේ එලෙසිනි. එදා සිට අද දක්වාම වෙළෙඳ දැන්වීම් රැසකට මෙන්ම ටෙලි නාට්‍යවලින්ද ඈ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත්වූවාය. සතියේ දින පහේම රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනි නාළිකාවෙන් විකාශය වන ‘කෝලම් කුට්ටම’ ටෙලි නාට්‍යයේ ‘හිරුණි’ හෙවත් කලායතන නැටුම් ගුරුවරිය ලෙසත් ස්වර්ණවාහිනියෙන්ම සතියේ දිනවල රාත්‍රී 10 ට විකාශය වන අක්ෂි ටෙලිනාට්‍ය යේ සමගි වත්තේ ‘නිම්මි’ ලෙසින් ද ඇය අප හමුවන්නේ ය. යුගයේ ජනප්‍රියම හා විශිෂ්ටතම සහාය නිළිය ලෙසින් පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී සම්මානයෙන් ද පිදුම් ලැබූ ඇය අනුරාධා එදිරිසිංහයි. ඇය මෙලෙස අප හා කතාබහට මුලපිරුවාය.

අනුරාධාගේ කලාවේ ආරම්භය ගැන කතා කළොත් ?

මගේ කලාවේ මේ ගමනේ ආරම්භය සිදුවන්නේ 2014 වසරේදී. ඒ රූපවාහිනී වෙළද දැන්වීමකින් මාව දැකපු කෙනෙක් තමා මුලින්ම මට ඒ වෙළෙද දැන්වීමට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන්නේ.

පවුලේ විස්තර කොහොමද ?

අම්මයි, තාත්තයි, අයියයි, මමයි, තාත්තා නම් දැන් ජීවතුන් අතර නෑ. එයා පොලිස් නිලධාරියෙක් හැටියට තමයි වැඩ කළේ.

May be an image of 1 person, jewelry and outdoors

එතකොට පාසල් ගියේ ?

හංවැල්ල රාජකීය මධ්‍ය විද්‍යලය‌ට.

ඒ කාලේ මොනවගේ කෙනෙක් වෙන්න ද හිතුවේ ?

ඒ ලෙවල් (A/L) වලට මම ඉගෙන ගත්තේ නීතීඥවරියක් වෙන්න. පස්සේ මට රූපවාහිනී වෙළද දැන්වීමකට පෙනී ඉන්න අවස්ථාවක් ලැබීමත් අනෝජා වීරසිංහ මහත්මියගේ රංගන පාසලට ඇතුළත් වීමත් සමඟ මම ඒ පැත්තට යොමුවුණා.

ඒ කියන්නේ නීතිඥවරියක් වී‍මේ සිහිනය අතැරියද ?

මගේ හැකියාව, වැඩි කැමැත්ත අනුව මම කලාව තෝරගෙන ඒ අංශයෙන් ඉදිරියට ගියා.

May be an image of 1 person and standing

කලාවට ඇවිත් දැන් කොච්චර කල් ද?

අවුරුදු අටක් (08) ක් විතර වෙනවා.

මේ දක්වා දායක වුණු නිර්මාණ සංඛ්‍යාව කියන්න පුළුවන්ද?

මම 2021 වසර දක්වාම මම රංගනයෙන් දායක වුණු නිර්මාණ සංඛ්‍යාව 30ක් පමණ වෙනවා. ටෙලි නාට්‍ය වෙළෙඳ දැන්වීම් එහෙමත් ඒ අතර වෙනවා. මේ අවුරුද්දෙත් මම නිර්මාණ කිහිපයකම දැන් වැඩ කරගෙන යනවා. තව කරන්න භාරගෙනත් තියනවා.

සිනමාවටත් ඔබ රංගනයෙන් දායක වෙලා තියනවාද ?

චිත්‍රපටවලට නම් මගේ දායකත්වය අවමයි. මීට පෙර මට කීපයකටම කතා කළා. ඒත් මට ඒකේ හරියන විදියට ඵජපඪනබ (පිටපත) එකක් තිබුණේ නැති නිසා මම එය කරන්න භාරගත්තේ නැහැ.

May be an image of 1 person and standing

ඉදිරියට සිනමාවට ඔබට කතා කළොත් භාර ගන්නවාද?

අනිවාර්‍යයෙන්ම මට කතා කළොත් මං එයට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. මට ගැළපෙන විදිහේ චරිතයක් එක්ක. ඒ ගැන ඉස්සරහට බලමු.

ඔබ රගපෑ නිර්මාණවල ඔබේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ?

රාවණ, දෙරණෙ ගිය රාවණ ටෙලි නාට්‍ය තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂකතුමාගේ.

May be an image of 1 person, street, skyscraper and road

මොකද්ද ඔබ ඒකේ රඟපෑ චරිතය ?

පුෂ්පෝත් කියලා රාවණා මෑණියන්ගේ චරිතය රාවණා පළමු අදියර බෙහෙවින් ජනප්‍රිය වුණා. රාවණ තුන් වන අදියර අවසන්. ළඟදීම අවසාන අදියර වන ඒ තුන්වන අදියරත් ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන් වෙවි.

අනුරාධා එදිරිසිංහ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

‌වෙන කිසිම දෙයක් නෑ මේකම තමා කරන්නෙත්. වෘත්තීය රංගන ශිල්පිනියක් ඔබ හරි.

මේ දවස්වල අපිට ඔබව දකින්න ලැබෙන්නේ?

සතියේ දින පහේම ස්වර්ණවාහිනියෙන් රාත්‍රී 9.30ට විකාශය වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ හිරුණි ලෙසිත් ස්වර්ණවාහිනියෙන් ම රාත්‍රී 10 ට විකාශය වන අක්ෂි ටෙලිනාට්‍ය යේ සමගි වත්තේ නිම්මි ලෙසින් ද මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.

May be an image of 1 person

විකාශය වන අක්ෂි ටෙලිනාට්‍ය ගැනත් කියමු…..

ඒක අලුත්ම වැඩක්. කලණ ගුණසේකර, මගේ සහෝදරියක් වගේ ඉන්න ශලනි තාරකා අක්කාද ඇතුළුව ප්‍රවීණ හොඳ මට්ටමේ නළු නිළියන් රැසක් ඊට දායක වෙනවා. ශාන් ජයරත්න තමයි එහි අධ්‍යක්ෂවරයා කැමරා අධ්‍යක්ෂණය චානක සංජීව

පසුගිය දා ඔබ සම්මානයටත් පාත්‍ර ව‍ුණා නේද?

ඔව් 2021 වසරේ දී පැවති රයිගම් ටෙලීස් සම්මාන උලෙ‍ළේ දී මම විශිෂ්ටතම සහය නිළිය ලෙස සම්මානය ලැබුවා ස්වාධීන රූපවාහීනී සේවයෙන් (ධ්.ඊ.ව්.) විකාශය වූණු සකර්ම ටෙලි නාට්‍යයයේ රඟපෑම වෙනුවෙන් තමා මට ඒ සම්මානය ලැබුණේ.

May be an image of 1 person