අපේ සිනමාවේ කාලයක් සිහින කුමරා වෙලා තවමත් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රණවන.
මෙවර සතිඅන්තයේ හිරු නාළිකාවේ විකාශය වුන Happy Hour වැඩසටහන් සඳහා සහභාගි වුනේ රොෂාන් රණවන සහ ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි.
සිනමාවේ කාලයක් හැමෝම ආදරේ කරන පෙම්වතුන් වෙලා හිටපු යුවලක් තමයි රොෂාන් රණවන සහ පූජා උමාශංකර්.
ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපට සියල්ලම පාහේ අතිශය ජනප්‍රිය වුණ වගේම බොක්ස් ඔෆිස් වාර්ථා තමා තිබුණා. මේ අතරවාරයේ එකල රොෂාන් සහ පූජා ගැන හැඳුණු කට කතා සුළුපටු නැහැ.
මේ ගැන යුරේනි රොෂාන්ගෙන් විමසුවේ මෙලෙසින්,
යුරේනි – ඒ කාලේ නම් අපිට ආරංචි වුණා ඔයායි පූජායි බඳින්න යනවා කියලා?
රොෂාන් – ”පූජාට මං එක්ක තිබුණේ සහෝදර ප්‍රේමයක් වගෙ එකක්. මං එයාගේ මල්ලි වගේ හිටියේ. සිනමා තිරයේ අපි දෙන්නාගේ සුසංයෝගයට මිනිස්සු ආදරේ කලා…. කවදාහරි අපි බඳීවි කියලා මිනිස්සු කියන්නේ අන්න ඒ සුසංයෝගය නිසා.”
යුරේනි – ”පූජාට පොඩ්ඩක්වත් හිත ගියේ නැද්ද?
රොෂාන් – ”නැහැ යුරේනි. ඒ ලස්සනට මම තවමත් ආසයි…. ඒක කුෂිත් දන්නවා. කුෂිත් කියනවා මට ගැලපෙනම කෙනා පූජා කියලා…
අපි දෙන්නා ඊට කලින් කුෂ්ලානිව මට මුණගැහිලා අපි ආදරේ කරලා අපි දෙන්නා දෙන්නව තේරුම් අරගෙන අනාගතය සැලසුම් කරලා ඔක්කොම දේවල් වෙලා තිබුණු නිසා මම හිතන්නේ එහෙම අනිත් අයට හිත යන්නේ නැතුව ඇති…”