සදුන් පෙරේරා කියන්නේ මෑත කාලීනව ජනප්‍රිය ගායන ශිල්පීන් අතරින් ඉහලින්ම ඉන්න ගායකයෙක්. ප්‍රාසාංගික වේදිකාවට ඔහුගේ හඩ නැතුවම බැරි වෙලා තියෙනවා. ඉතින් සදුන් පෙරේරා කියන ඒ ආදරණීය ගායන ශිල්පියා ගායනය කරන ගීත අතර නෑරම, වෙඩි වරුසා, පූජා කරන්නම් මලක්, ආදරය අගමකි, ඔබ මගේ හදවතේ පැළදුවා වැනි ගීත ගණනාවක් හරහාම ඔහු ඉතා ජනප්‍රිය වෙනවා.
ඒ වගේම සදුන් පෙරේරා කියන්නේ දෙස් විදෙස් රටවල පවා සහභාගි වෙන ජනප්‍රිය ගායකයෙක්. ඉතින් සදුන් කරන ඔහුගේ විලාසිතා වලට බොහෝ දෙනාගේ ආකර්ෂණය ඇති වෙනවා. විශේෂයෙන්ම සදුන්ගේ කොන්ඩ විලාසිතාව නම් කෙනෙකුට කතා නොකරම බැරි දෙයක්. ඒ තරමට සදුන්ගේ කොන්ඩ විලාසිතාව ජනප්‍රියයි.
ජනප්‍රිය ගායක සදුන් පෙරේරා ඔහුගේ කොන්ඩය ආරක්ෂා කරගන්න මේ විදියටයි මහන්සි වෙන විදිය ගැන කියලා තිබුණේ.
”මම ගමනක් යන්න ලෑස්ති වෙලා පැයක් තියාගන්නවා මගේ කොන්ඩෙට. පැයක් විතර යනවා කොන්ඩෙ හදන්න. අවමයෙන් විනාඩි 45ක් නම් අනිවාරෙන් යනවා. ඒ නිසා මට පරක්කු වෙනවා කියලා බනින අය දෙපාරක් හිතන්න. මම කොන්ඩෙ නිසා එක පැත්තකට නිදා ගන්නෙ. අනිත් පැත්ත හැරෙන්න ඕන නම් නැගිටලා තමයි අනිත් පැත්තට හැරෙන්නෙ.”
මේ විදියටයි ජනප්‍රිය ගායක සදුන් පෙරේරා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.