රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ. පසුගිය කාලයේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතරින් තරින්දි – ඉසුරු යුවළ ගැන වැඩිපුර කතා වුණා. දැන් ඒ ගැන වැඩිය කතාවෙන්නේ නම් නෑ… ඉතින් ඒ හැමදේම ගැන දැනගන්න තරින්දී එක්ක කළ කතාබහක් තමයි මේ.
තරින්දි කොහොමද ජීවිතේ ?
”ජීවිතේ හොඳින් ගතවෙනවා….. බාරගත්ත නිර්මාණ වලට රංගන දායකත්වය දෙනවා, ඒ වගේම තව ලැබුන පිටපත් කීපයක්ම තියෙනවා බලන්න…. ඉතින් ඒ විදියට තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ, වෙන විශේෂයක් නෑ…. පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා”

තරින්දි රංගනයට වගේම නර්ථනයට ගොඩක් ලොකු බැඳීමක් තියෙනවා නේද..?
”ඔව් මම සාමාන්‍යපෙළ දක්වා උඩරට නර්තනය හදාරලා තියෙනවා… පස්සේ උසස්පෙළට හැදෑරුවේ වාණිජ විෂය, ඉතින් ඒ නිසා මට කාලයක් නර්ථනය මගහැරුනා…….. හැබැයි කොළඹ ආවට පස්සේ විවිධ නර්තන අංශ වලින් නර්ථනයට සම්බන්ද වුනා… ඒ වගේම නර්ථන අංශයෙන් මුලික හැදෑරීමක් කළා, කොහොම වුනත් කලාවට සම්බන්ධ වෙලා අවුරුදු තුනකට විතර පස්සේ තමයි මම ආයේ නර්ථනයට සම්බන්ද වුනේ….”

අද ඉන්න තැන ගැන තරින්දිට මොකද හිතෙන්නේ?
”මට හිතෙන්නේ මගේ දෛවය ලියවිලා තියෙන විදියට තමයි අද මම මෙතන ඉන්නේ…. මම බැංකු ක්‍ෂේත්‍රයෙන් ඉවත් වුනේ ආයේ බැංකුවට යනවා කියලා හිතාගෙනමයි…. ඒත් එකපාරම මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුනා, දැන් මම මෙතනට ගොඩක් ආදරෙයි…. මම කතෝලික කාන්තාවක්, ඒ නිසා මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ තමයි මාව මේ තැනට ගෙනාවේ කියලා…’

තරින්දි ඔබට දැන් විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය ලැබෙනවා, ඉතින් ඔබට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොනවද..?
”මෙච්චර කාලයක් මම විවිද චරිත තුලින් ප්‍රේක්ෂකයන් අතරට ආවා, ඒ කාලය තුල ගොඩක් අය මගේ වටා එකතු වුනා… ඉතින් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තා…. ප්‍රේක්ෂකයන්ගේ හිතේ හිතේ දැන් තරින්දි කියන කෙනාට ආදරේ කරනවා, ඉතින් මම මගේ ප්‍රේක්ෂකයින් පිනවන ආදර්ශමත් චරිත තුලින් ඔයාලා අතරට එනවා කියන එක තමයි කියන්න තියෙන්නේ…”

තරිඳි සහ කලා ලෝකයේ දැවැන්ත චරිතයක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි එක්ක ආදර සම්බන්දයක් තියෙනවා කියන එක ප්‍රසිද්ධ රහසක්… කොහොම වුණත් මේ වනවිට ඒ ආදරය දෙදරලා කියලා අපිට දැනගන්න ලැබුනා…

ඒ ගැන තරින්දි මුහුණු පොතේ සටහනක් තියලා තිබබා… ඒ සටහනේ තිබ්බේ, “ආදරය නිදහස් කලෙමි. නිදහසට ආදරය කරමි” කියලා, කොහොම වුනත් මේ සටහනට ඉල්ලුම්පත් බාරගන්නවද කියලා ඇයගේ රසිකයිගෙන් කමෙන්ට් ගොඩක් ඇවිත් තිබ්බා…
