උණුසුම් පුවත්
Search
athula samitha

”දුව බඩේ තියාගෙන මම අතුලත් එක්ක සින්දු කිව්වා…. පුතාට නම් සින්දු කියන්න එච්චරම බෑ” – සමිතා එරන්දතී මුදුන්කොටුව

320

ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂී කටහඬකට උරුමකම් කියන දක්ෂ ගායිකාවක් තමයි සමිතා එරන්දතී මුදුන්කොටුව කියන්නේ. පවුලේ එකම දරුවා විදියට සැප සම්පත් මැද හැදී වැඩෙන ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න සමිතගේ ආදරණීය දෙමව්පියන් අමතක කළේ නැහැ. එදා අම්මගේ තාත්තගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නා ඇය පසුකාලීනව වේදිකාවේ නැතුවම බැරි කටහඬකට උරුමකම් කියන දක්ෂ ගායිකාවක් වුනා.

ඊට පස්සේ තාත්තා විසින් ආරම්භ කරපු සංගීත ඇකඩමිය නොකඩවා අද වන විටත් ඇය පවත්වා ගෙන එන්නේ තවත් බොහෝ දෙනෙක්ට කටහඬ පුරුදු පුහුණු කිරීම සහ සංගීතය පිළිබඳව දැනුම අවබෝධය ලබා දෙමින්.

image 306

පසුගිය කාලසීමාව පුරාවටම සමිතා මුදුන්කොටුව මහත්මිය බොහොම දුකසේ තමයි කාලය ගත කළේ. ඒකට හේතුව ඇගේ ආදරණීය මවගේ වියෝව නිසා.

කොහොම නමුත් ජීවිතය කියන්නේ හරි අස්ථීර දෙයක්. ඒ දේ තේරුම් අරගෙන ජීවත් වෙලා ඉන්න කාලේ හොඳින් ජීවත් වෙන්න ඇය නිතරම උත්සාහ දරනවා.

image 307

ඒ වගේම තමයි අතුල අදිකාරිගෙන් වෙන් වෙලා කාලයක් තනිකඩව ජීවිතේ ගත කරපු සමිතා මේ වෙද්දි ආදරණීය කඩවසම් තරුණයෙක් එක්ක විවාහ වෙලා ඉන්නවා කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා.

image 309

ඒ වගේම තමයි ඇයට ආදරණීය දියණියක් සහ පුතෙක් ඉන්නවා. දියණිය තමයි කවින්ද්‍යා අධිකාරි. පුතා තමයි ශේන් අධිකාරි. දුවත් කලාවත් එක්ක සම්බන්ධයි. ඇයට හරි ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් වගේම ඇය නිවේදනයට, රංගනයට මෙන්ම නර්තනයටත් දස්කම් දක්වන යුවතියක්. මේ වෙනකොට අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගන්න තරම් ඇයත් වාසනාවන්තයි. ඉතින් කවින්ද්‍යා කියූ සැණින් නොදන්නා කෙනෙක් නැති තරම්. නමුත් සමිතාගේ පුතා නම් සංගීත ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ක්‍රීඩාවට දස්කම් දක්වන ඔහු සරල දිවිපෙවෙතක් ගත කරන තරුණයෙක්. ඉතින් දියණිය සහ ආදරණිය පුතා ගැන සමිතා කලකට ඉහතදී ඉහතදී පුවත්පතකට කියලා තිබ්බේ මේ වගේ ආදරණීය කතාවක්.

image 305

“දුවට හොඳ කටහඬක් තියෙනවා. දුව බඩේ තියාගෙන මම අතුලත් එක්ක වේදිකාවේ සින්දු කිව්වා….. අපි දැනගෙන හිටියා එදත් එයාට හොඳට හොඳට ගායනා කරන්න පුළුවන් වෙයි කියලා. මම දුවව හම්බවෙන්න ඉද්දි බඩට අත තියලා එයාට සින්දු කියලා නිදා ගත්තෙ…. එයා ඉපදුනෙත් හොඳට සින්දු අහගෙන. පුතාට නම් ගායනා කරන්න එච්චරම බෑ. එයා ආසයි ක්‍රිකට් ගහන්න…. මාත් ආසයි එයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට…”

image 308

ඇය පුවත්පතකට තමන්ගේ දියණිය සහ පුතා පිළිබඳ ඔය වගේ ආදරණීය කතාවක් තමයි කියලා තිබුණේ.

image 304

ඉතින් මේ සුන්දර පවුලට තවත් සතුටින් කාලය ගත කරන්න ලැබෙන්න කියලා අපිත් පතනවා.

image 310