එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ අතලොස්සක් වූ ගායිකාවන් අතර නොමැකෙන නාමයක් තමයි ෂානිකා වනිගසේකර.
ශානිකා කියන්නේ අද, ඊයෙ ගායන ක්ෂේත්‍රයට ආපු කෙනෙක් නෙවෙයි. ඇය පුංචි කාලේ ඉඳන්ම තමයි, ඒ කියන්නේ පාසල් යන කාලේ ඉඳන්ම තමයි ප්‍රසංග වේදිකාව ඇයගේම ජීවිතය බවට පත් කර ගත්තේ.
ඇය මේ වෙද්දි ආදරණීය දරුවන් තුන් දෙනෙකුගේ මවක්. ඒ වගේම තමයි ශානිකා විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් වශයෙන්.

ඇය විවාහ වෙන පුද්ගලයා විදුලි ආලෝක අංශයෙන් තමයි රැකියාව කරන්නේ. විවාහ වෙලා අභියෝගතා මැද දුක් කම්කටොලු මද අද වෙද්දි ජීවිතයේ එකටම ගමන් කරන්නට මේ දෙන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඇය මේ ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නේ පාසල් යන අවධියේදී කියලා තමයි ආරංචි වෙන්නේ. කෙසේ නමුත් අවුරුදු 16 වගේ පුංචි කාලයක දී ඇය ආදරය වෙනුවෙන් එක්තරා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ උතුම් දළදා මාලිගාවට ගිහින්. මේ ඇය ඒ මතකය පිළිබඳව වැඩසටහනක දී හෙළි කළ අපූරු විස්තරයක්….
“ඒ වෙද්දි මට අවුරුදු දාසයක් වගේ. මගේ නෑනාගේ ගෙදර කට්ටියත් එක්ක අපි නුවර ට්‍රිප් එකක් ගියා…. ඒ ගොල්ල බුද්ධාගමේ අය. ඒ ගොල්ලෝ මට කිව්වා ඔයා දළදා මාලිඟාවට පලවෙනි වතාවට යන නිසා මොනවා හරි දෙයක් ඉල්ලන්න, ඉල්ලන දෙයක් හම්බ වෙනවා කියලා.

නුවරට මම ඉස්සර ඉදන්ම ආසයි….. මට ඉතිං ඉල්ලන්න තේරෙන්නෙත් නෑ…. ඇත්තටම ඉතිං අපි පන්සලකට ගිහින් එහෙම ඉල්ලලා නෑනේ. මම ඊට පස්සේ අත් දෙක එකතු කරලා සාදු මට නුවරින් කොල්ලෙක් දෙන්න කියලා ඉල්ලුවා. මම නුවරට ආස නිසා එහෙම කළේ. ලැබෙන කාලෙක මට නුවරින් කොල්ලෙක් දෙන්න කියලා තමයි ඉල්ලුවේ….. ඊට පස්සේ නුවරින් මට හම්බවුණා.”

ශානිකා ඇයගේ ඒ ආදරණීය පෙම්වතා හමුවුණ විදිහ පිළිබඳව සාකච්ඡාවක් අතරතුරේදී අදහස් දක්වලා තිබුණේ ඒ ආකාරයෙන්.
කෙසේ නමුත් මේ වෙනකොට හරිම සතුටින් ජීවත් වෙන ඇයගේ ඒ නුවරින් ලැබුණු පෙම්වතා, ස්වාමියා සහ දරුවන්ට ආදරණිය පියෙක් වෙලත් ඉන්නවා….



- ”සමහරු අපේ ජීවිතේට එන්නේ අපිව පාවිච්චි කරන්න බලාගෙන” – රටම ආදරේ කරන ශලනි කියපු අමුතු කතාව
- එයාගේ ලොකු මිණිපිරිය තුරුල්කරගෙන ශිරාණි ප්‍රියසාද් කියූ දේ (ඡායාරූ සහිතයි)
- ”තාත්තා හිතක් රිදෙව්ව නම් ඒ රිදෙව්වෙත් ආදරේටමයි” – අනුරාධා නන්දසිරි
- ”දාහක් කතා මැද වුණත් ඒ අල්ලගත්ත අත්දෙක තවත් ලස්සනට අල්ලන් ඉන්නවා” – සාරංග සහ දිනක්ෂිට ප්‍රේක්ෂකයෙක් කියපු කතාව
- ”පදිංචියට ලංකාවට ආවත් තිබ්බ ප්‍රශ්න නිසා ආපහු එංගලන්තයටම ආවා” – රූ කිරුළ දිනූ අරුණි රාජපක්ෂ
- ”දැන් මම ඩුබායි වලත් සෝෂල් මීඩියා ඉන්ෆ්ලූවෙන්සර් කෙනෙක් විදිහට වැඩ කරනවා” – ටික ටොක් ලෝචි
- සිරිලක දේ අගය නොකළාට පන්නිලට කේන්ති යයි
- ”දවසක අම්මියි තාත්තියි Marry කරනවා..” – සැමියාගෙන් වෙන්ව ජීවත් වෙන පුෂ්පිකාගේ පුංචි පුතා කළ ප්‍රාර්ථනය