උණුසුම් පුවත්
Search
menaka

”නෙහාරාගේ කලින් හස්බන්ඩ් එක්ක මම ඉස්කෝලෙදී ක්‍රිකට් ගැහුවා” – අතීතය ගැන මේනක හෙළි කරයි

2627

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ අපේ රටේ කලා ලෝකේ හැමෝම අතර ජනප්‍රිය යුවලක්. ඔවුන්ගේ පුංචි දියණියන් දෙදෙනා නිසා මේ යුවලගේ ජනප්‍රියත්වය මෑතකදී තව තවත් වැඩි වුණා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ ඔවුන් දෙදෙනාගේම දෙවැනි විවාහය බවත් නොදන්නා කෙනෙක් නැහැ. ඔවුන්ගේ පළමු විවාහයෙන් වෙන් වී පසුවයි ඔවුන් විවාහ වුණේ.

May be an image of 2 people, baby and people smiling

පසුගියදා රූපවාහිනී විනෝදාත්මක වැඩසටහකට සහභාගි වුනේ නෙහාරා – මේනක යුවල. නොගැලපීම් එක්ක විවාහ ජීවිතය ගත වුණු ආකාරය සහ අවබෝධයත් එක්ක දැන් විවාහ ජීවිතය ගත වෙන ආකාරය ගැන යුරේනි මේනකගෙන් වැඩසටහනේදි විමසුවා…. එහිදී මේනක යුරේනිට දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්…..

May be an image of 1 person, smiling and text

“අපි ලඟ හිටපු ගොඩක් අය දන්නවා. මම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ හිටියා අවුරුදු 13, 14 දි වගේ. ඒ වගේම තමයි නෙහාරාගේ කලින් හස්බන්ඩ්…… එයත් එක්ක අපි එකට එක ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා. එයා මට වඩා අවුරුද්දක් බාලයි. අපි හොඳ යාළුවො වශයෙන් එකට එක සෙට් එකේ කතාබහ කරලා හිටියා……

May be an image of 2 people

නමුත් හැමෝම හිතන ජාතියේ දෙයක් නෙමෙයි එතන වුණේ. එයාටත් ප්‍රශ්න තිබුනා. මටත් ප්‍රශ්න තිබුනා. අපි දෙන්නා මුලින් මුණගැහෙනකොට අපි බැඳලා නැහැ…… එතකොට ඕනේ නම් අපිට තිබුනා ඒ සබඳතා නතර කරලා විවාහ වෙන්න. එහෙම නෙමෙයි හැමදෙයකටම එක වෙලාවක් තියෙනවා. වෙන විදිහක් තියෙනවා…. ඒක ඒ වෙලාවේ වුනා කියලා මම හිතන්න්නේ” කියලා තමයි මේනක නම් කියා සිටියේ. මේනක රාජපක්ෂට පළමු විවාහයෙන් දියණියක් ද සිටිනවා. නමුත් ඇය ඇගේ මව සමඟයි ජීවත් වන්නේ.

No photo description available.