උණුසුම් පුවත්
Search
maria nonis

”මම 09 වසරට යනකම් විතරයි පාසල් ගියේ” – තාත්තාටත් වඩා ප්‍රසිද්ධ මාරියා නෝනිස්

1310

මාරියා නෝනිස් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නව පරපුරේ නැගී එන ගායන ශිල්පිනියක් විදිහට හඳුන්වන්න පුළුවන්. පසුගිය අවුරුදු කාලයත් සමඟ ඇය සිය පියා සමඟ පැමිණි අවුරුදු වැඩසටහනක ගී ගැයීමත් සමගයි බොහෝ දෙනෙක්ගේ ආදරයට බඳුන් වුණේ.ඉතින් මාරියාගේ ආදරණීය පියා තමයි අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙක් වන නදීර නෝනිස්කියන්නේ.

May be an image of 2 people, beard, people smiling and text

ඇය මේ වෙද්දී තාත්තටත් වඩා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා කිව්වොත් නිවැරදියි….. ඒ නිසාම බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරනවා. අම්මයි තාත්තයි එකතුවෙලා මාරියාට අලුත්ම ගීතයකුත් කරන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඒ දේවල් එක්ක ඇය මේ වෙද්දී සංගීත වැඩ කටයුතු කරගෙන ඉදිරියට යනවා…. ඉතින් ඒ ගත කරන ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්….

May be an image of 1 person

“මට ඕනි ලංකාවට පමණක් සීමා වුනු කලාකාරිනියක් වෙන්න නෙවෙයි….. මම ඉගෙනීම් කටයුතු වලට තමයි වැඩි ඉඩක් යොමු කරන්නේ. මම පියාණෝ වාදනය ඉගෙන ගන්නවා….. මම 09 වසරට යනකම් විතරයි පාසල් ගියේ. ඒ වගේම මම තනියම තමයි ඉගෙන ගන්නේ…. online සහ උපකාරක පන්ති වලින් සියලු විෂයන් ආවරණය කරගන්නවා….”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාරියා ඇයගේ ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.

No photo description available.

No photo description available.

No photo description available.