උණුසුම් පුවත්
Search
gayathri

”මම නම් කියන්නේ මම ළග සතුට නැත්නම් මගෙ ළග ඉන්න එපා” – ගයාත්‍රි ඩයස්

1184

රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය ලබා ගත්ත ඒ සුරූපිනිය තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. රංගන ශිල්පිනියක් විදියට පමණක් හදුන්වා නොදී ඇය වෘත්තීමය වශයෙන් ව්‍යාපාරිකාවක්. ඒ ඇගේ රූපලාවන්‍යාගාරය වගේම මෑතකදී ගයත්‍රි පටන් ගත්ත අලුත්ම වැඩේ ඇගේ කැෆේ එක.

May be an image of 1 person, standing and sitting

ඉතින් කාන්තාවක් විදියට තනියම නැගිටින දක්ෂ කෙනෙක් ඇය. එයට අවිවාදයෙන් ඕන කෙනෙකුට එකඟ වෙන්න පුලුවන්. ඒ වගේම රූප සුන්දරත්වය එන්න එන්නම වැඩි දියුණු වෙන ගයත්‍රි, වැඩිමහල් දියණියන් දෙදෙනෙකුගේ මවක්. රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වන චන්න පෙරේරා සමගින් විවාහ වුණු ගයත්‍රි මේ වන විට දියනියන් දෙදෙනා සමගින් වෙනමයි ජීවත් වෙන්නේ.

May be an image of 1 person and indoor

ඒ කොහොම වුණත් දරුවන්ගේ වැඩ වලදී පවුලක් හැටියට ඉදිරිපත් වෙන්න චන්න – ගයත්‍රි යුවළ අමතක කරන්නේ නෑ.

මෑතකදී අලුත් ව්‍යාපාරයකට අත ගහපු ගයත්‍රි ඇගේ අදහස් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

May be an image of 9 people, people standing and indoor

”ගැහැණියෙක් වුණත් පිරිමියෙක් වුනත් ලස්සන කෙනෙකුට හිත යන එක සාමාන්‍ය දෙයක්….. අනික මම නම් කියන්නේ මම ළග සතුට නැත්නම් මගෙ ළග ඉන්න එපා කියලා. මොකද සතුට නැති තැන දුක් විදගෙන ඉදලා වැඩක් නෑනේ. ඒ හින්ද චන්නට හරි, ඕන කෙනෙක්ට කියන්නෙ මම එහෙමයි. මගේ ලග වැඩ කරන ළමයින්ට වුනත් මම කියන්නේ එහෙමයි. මම නම් දැන් කිසි දේකට බය නෑ.”

May be an image of 1 person, standing, mountain and tree

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ගයත්‍රී ඩයස් ඇගේ අදහස් දක්වලා තිබුණෙ.

May be an image of 1 person, standing, sunglasses, footwear and outdoors