නර්තනය නිසා හැමෝම අතර ජනප්‍රිය වුන ප්‍රකට නර්ථන ශිල්පිනියක් තමයි දමිත්‍රි සුබසිංහ කියන්නේ. කොහොම වුනත් ඇය ගොඩක්ම ජනප්‍රිය වුණේ ”ඉස්කෝලේ නාට්‍යයේ විහාරා ටීචර්” විදියටයි. ඉතින් මේ දවස්වල ලංකාවේ බහුතරයක ආදරේ දිනාගෙන ඉන්න මේ දක්ෂ රංගන ශිල්පිනිය සමග කළ කතාබහක් තමයි මේ…

ඉතින් දමිත්‍රි මොකද වෙන්නේ මේ දවස්වල ?
”විශේෂයක් නෑ…. ඉස්සර වගේම ඉතින් දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ නාට්‍ය එක්ක තමයි වැඩිපුරම කාලය ගතකරන්නේ, ඊට අමතරව මගේ ඉගන ගැනීමේ වැඩත් එක්ක මගේ නැටුම් පන්තියේ වැඩ ටිකක් ශේප් එකේ කරගෙන යනවා…”

දිමිත්‍රි අද ඉන්න තැන ගන මොකද හිතෙන්නේ?
”අද විහාරා කියන චරිතය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා, ඒ වගේම මට පසුගිය රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියන් අතරින් අවසන් පස්දෙනා අතරට එන්න අවස්තාව ලැබුනා….

ඇත්තටම නිලියක් වෙන්න මම හීන දැකපු කෙනෙක් නෙවෙයි, මම නිලියක් වෙන්න කලින් වෘත්තියෙන් පෞද්ගලික බැංකු නිලධාරිනියක්. ඉතින් ඒ රාජකාරි වැඩ අතරේ තමයි මම රංගන කටයුතුවලට සම්බන්ධ වුනේ, ඒ වැඩ එක්කම තමයි මම ඩාන්සින් වැඩ කලෙත්, ඉතින් මේ ආව ගමන ගැන ඇත්තටම ගොඩක්ම සන්තෝසයි,”

දිමිත්‍රි දැම්ම විවාහ වෙන්න අදහසක් නැද්ද, පෙම්වතෙක් ඉන්නවද..?
”ඔව් මම පෙම්වතියක්! එයා මගේ පෙම්වතා වෙන්න කලින් එයා තමයි මගේ හොඳම යාළුවා… එයාගේ නම කේසර. එයත් බැංකු ක්ෂේත්රයේ රැකියාවේ නියැලෙනවා, අපි කාලයක් එකට වැඩ කළා… 2021 සිරස අවුරුදු කුමරා තරගයේ දෙවැනි ස්ථානය දිනුවේ එයා. මට වගේම එයාටත් රංගනයට ආරාධනා ලැබුනා, හැබැයි එයා තෝරාගත්තේ එයාගේ රැකියාව… හැබැයි මම මේ ක්ෂේත්රයේ ඉන්නවට එයාගේ කිසිම අකමැත්තක් නෑ, ඉතින් අපි දෙන්නා ඉක්මනටම විවාහ වෙන්න ඉන්නේ…”

