උණුසුම් පුවත්
Search
volga k

”මං බැන්දේ මගේ හොඳම යාළුවාව, මාව රිද්දන්න බලාගෙන ගොඩක් අය ඩිවෝස් එක ගැන අහනවා” – වොල්ගා කල්පනී

1074

වොල්ගා කල්පනී වර්තමානයේ මෙරට ජනයා අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙන ටෙලි නිර්මාණයක් තමයි ”පාර දිගේ” කියල කියන්නේ.

මේ ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියල කියන්නේ.

ඇත්තෙන්ම මේ ටෙලි නිර්මාණයේ ටුටු කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇයට මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

image 469

ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඇය ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ‘පොඩි මාමා’ ටෙලිනාට්‍යයේ ද දක්ෂ රංගනයක යෙදුනා.

කෙසේ නමුත් වොල්ගාගේ පෞද්ගලික ජීවිතය නම් තරමක් බාධා කම්කටොලු මැදින් දිවෙන එකක්.

image 470

ඇය විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන හර්ෂණ බෙත්මගේ සමග වුණත් එලෙස විවාහවෙන ඇගේ විවාහ දිවිය එතරම් සාර්ථක වෙන්නේ නැහැ. මොකද්දෝ හේතුවකට ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන්වෙනවා. ඒ ගැන මේවෙද්දී මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.

image 467

ඉතින් මේවෙද්දී තනිකඩ දිවියක් ගත කරන වොල්ගා ඇගේ විවාහය ගැන ඕනෑම තැනකදී කතා කරනවා. කොහොම වෙතත් ඇය කියන හැටියට කුඩා කාලයේ ඉදලම ඇයට නිවේදනයට ආසාවක් වගේම දස්කමක් තිබිල නැහැ. ඇගේ ගුරුවරයා නිසාවෙන් තමයි ඇය අද මේ තැනට ඇවිත් තියෙන්නේ.

image 466

ඉතින් මේ දක්ෂ කලාකාරිනිය පහුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ විවාහය ගැන අදහස් දක්වලා තිබුණා. එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

”මම විවාහ වුණේ මගේ හොදම යාලුවා එක්ක…. ගොඩක් දෙනෙක් ඕක දන්නවා. අද වුණත් එයාව මට මගකදි හම්බ වුනොත් බායි කියලා කතා කරනවා. අපේ දික්කසාදය ගහමරාගෙන වෙන්වුණේ නෑ…. අපි හොදට කතා බහ කරලයි වෙන් වුණේ….

image 464

මට ගොඩක් දෙනෙක් ආදරේට වගේම මාව රිද්දන්න බලාගෙන දික්කසාදය ගැන අහනවා. මුලින් නම් හොදටම රිදුණා. පස්සෙනම් ඒක ගානක් වුණේ නෑ. අපේ ලංකාවේ තමයි මිනිස්සු මේ තරම් අනික් කෙනාව රිද්දන්නේ. ගොඩක් දුරට මම ඉදිරියේ දී විවාහ නොවී ඉදී.”

image 465

ඒ විදිහට තමයි ඇය මේ යූටියුබ් සාකච්ඡාව අතරතුර සිය විවාහයේ අසාර්ථකත්වය ගැන අදහස් දක්වලා තිබුණේ.

ඉතින් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

image 461
image 462
image 463
image 468



Leave a Reply

Your email address will not be published.