උණුසුම් පුවත්
Search
shalani tharaka

”මම වැරදි කෙනෙක්ට ආදරේ කළා, එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ” – ශලනි තාරකා

294

අපේ රටේ සිනමාව, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන සෑම අංශයක්ම ජයගත් රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යක් සමගින් ශලනි තාරකා යුග ජීවිතයට පා තැබුවා.

No photo description available.

කොහොම නමුත් මේ වන විට ලංකාවට වෙලා ඉන්න ශලනිගේ සැමියා නම් විවාහයෙන් කෙටි කාලයක් ඇතුළත විදෙස්ගත වුණේ ඔහුගේ රැකියාවත් සමඟයි.

No photo description available.

කොහොම නමුත් ශලනිගේ අතීතය ටිකක් අඳුරු වුණු ජීවිතයක් තමයි ඇයට තිබුණේ. ඇය එක්තරා කාල වකවානුවක බොහෝ දෙනෙක් දන්නා පරිදි කලා ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු රංගන ශිල්පියෙක් සමඟ සමයි ඇය පෙමින් බැඳිලා හිටියේ.

May be an image of 1 person, flower and wedding

හේතු කාරණා මොනවා වුණත් අවසානේ ඔහු සිය ජීවිතය නැති කරගන්න තීරණය කළා. ඉතින් මේ දේවල්වල සත්‍ය අසත්‍යතාවය මොනවා වුණත් ශලනිි ඒ ආදරය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..

No photo description available.

“මීට අවුරුදු 06කට කලින් මම මගේ ජීවිතේ ලොකු ඛේදවාචකයකට මුහුණ දෙනවා .ඒ වැරදි කෙනෙකුට ආදරය කරපු නිසා….. හැබැයි මගේ කොන්ද පණ තිබ්බා මේ කෙනාට ආදරේ කරන එක වැරදියි කියලා දැනගත්ත ගමන් එතනින් අයින් වෙන්න. හැබැයි එයාට ඒකට ශක්තියක් නෑ කියන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි…… එයාට කිසිම ශක්තියක් තිබ්බේ නැහැ. ”මම විවාහකයෙක්” කියන්න….. එයා කිසිම මාධ්‍යයක ඒක කිව්වේ නෑ. මම මේ ගැන කතා කරන්නේ නැති හේතු 03ක් තියෙනවා. එකක්, උත්තර දෙන්න එයා දැන් නැහැ….. ඒ නිසා අනිත් හේතු දෙකෙන් වැඩක් නෑ. මම කරපු එකම වැරැද්ද වැරදි කෙනාට ආදරේ කරපු එක විතරයි. හැබැයි මම ඒ වැරැද්ද හදා ගත්තා. කවදාවත් ආදරේට බොරු කරන්න එපා….” කියලා තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person and smiling

ඒ දේවල් කොහොම වුණත් දැන් ඇය ගත කරන සුන්දර ජීවිතයට බොහෝ දෙනා ආශිර්වාද එක් කරනවා නොඅනුමානයි.

No photo description available.

No photo description available.

No photo description available.