තමන්ට ලැබෙන ඕනම චරිතයක් බොහොම සාර්ථකව කරන්න පුළුවන් විවිධ චරිත නිරූපණයට උපරිම හැකියාවක් තියෙන පුංචි තිරයේ ඉන්න සුරූපිනියක් ගෙනයි අද අපි කතා කරන්නේ. ඇය නමින් අනුරාධා එදිරිසිංහ.මේ දින වල අතිශයින්ම ජනප්‍රිය කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ඇය ජීවිතයේ හා රංගන කටයුතුවල අලුත්ම තොරතුරු බෙදා හදා ගන්න අපිත් එක්ක එකතු වුනා.
වෙළෙඳ දැන්වීම් හරහා රංගනයට පිවිසි ඇය. මෙතෙක් රඟපාපු චරිත වලින් තමන්ගේ හිතට වැඩියෙන්ම දැනුන චරිත පිළිබඳව අදහස් දැක්වූයේ මෙන්න මෙහෙම..”එහෙම හිතට දැනුණු නිර්මාණ කිහිපයක්ම තිබුණා. ඒ අතරින් රාවණා නිර්මාණයේ “පුශ්පෝත්කතා” කියන චරිතය මට හුඟක්ම දැනුණු චරිතයක්. ඒක තමයි රූපවාහිනියේ විකාශනය වුණු මගේ පළමුවැනි වගේම ප්‍රධාන චරිතය. එයින් පස්සේ ගිරිදේවි ටෙලි නාට්‍යයේ රූපිකා, ගරුඩ මුහුර්තයේ පුසුඹි, මැටි කඩුලු නිර්මාණයේ හීන් මැණිකා කියන චරිතත් මම බොහොම කැමැත්තෙන් බාර ගත් හිතට දැනුණු චරිත කිහිපයක්.”
කෝලම් කුට්ටම් ටෙලිනාට්‍යයේ හිරුණි ටීචර් අනුරාධ යි සමානයි ද කියලා අහපු ප්‍රශ්නෙට එයා දුන්නේ මේ වගේ උත්තරයක්.”අපෝ නැහැ. අසාධාරණයක් දැක්කොත් ඒකට කතා කරනවා. හැබැයි කවුරුහරි බොරු කිව්වොත් නම් හුඟක් තරහ එනවා. හිරුණි කියන්නේ තමන්ගේ රැකියාව රැකගන්න කරන්න පු`ඵවන් හැමදේම කරන කෙනෙක්. නමුත් සැබෑ ජීවිතේ මම එහෙම චරිතයක් නෙවෙයි. දඩබ්බරකම නැත්තෙම නැහැ. හැබැයි මගේ දඩබ්බරකමෙන් කිසිම කෙනෙක්ට හානියක් නැහැ.”
ක්ෂේත්රයේ වැඩියෙන්ම ආදරය කරන කෙනා ශලනි තාරකා කියලා ඇය ප්‍රකාශ කරා.ඒක වචනයක් විතරක් නෙමෙයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ අක්කා. කියන්න මට වචන මදි.අනුරාධ එහෙම තමයි ශලනි ගැන කිව්වේ.ඉස්සරහට සිනමාවට එන්නම් ඇයට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඇය අදහස් ප්‍රකාශ කර තිබුණා. රංගන ජීවිතේ ඇගේ ලොකුම බලාපොරොත්තුව අද තියෙන වැඩ කොටස අද උපරිමයෙන් ම ඉටු කරන එක.උදා නොවුනු අනාගතයක් ගෙන හීන දකින්නේ නැල්ලු. හැම දෙයක්ම වෙන්නේ තියෙන හොඳම විදියට කියලා තමයි ඇය කියන්නේ.