උණුසුම් පුවත්
Search
dinesh and shanu

”මං මගේ ශනූට ගොඩක් ආදරෙයි” – රටම බලා සිටි පුවත දිනේෂ් හෙළිකරයි

182

මේ දවස්වල අපේ රටේ හැමෝම කතාවෙන දක්ෂ ගායකයෙක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ…. ඒකට විශේෂ හේතුවක් තියෙනවා ඒ තමයි පසුගිය දවසක එළිදැක්වුණ ‘සෙන්කඩගල නුවරට වහින වැස්ස’ ගීතය. මෙම ගීතය එළිදක්වලා දවස් දෙකක් යන්නත් කලින් එහි නැරඹුම් වාර මිලියනය පසුකරන්න සමත්වුනා. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඒ සුන්දර ගායකයා දිනේෂ් ගමගේ සමග.

image 62

ඉතින් දිනේෂ් කියන්නකෝ බලන්න මේ ගීතය ගැන විස්තර ටිකක්?

”මගේ අනිත් ගීත වලට වඩා මේ ගීතය ගොඩක් වෙනස්, මම ඉස්සර ඉඳලම ගායන ශිල්පී චාමර වීරසිංහ මහත්මයාගේ ගොඩක් හොඳ රසිකයෙක්. ඉතින් මට ඒ කාලේ ඉඳලම හීනයක් තිබුනා චාමර වීරසිංහ මහත්මයාගේ ගීතයකට සමාන ගීතයක් නිර්මාණය කරනවා කියලා…..

image 63

මනුරංග අයියා තමයි මට මේ වචන ටික ලියලා දුන්නේ, ඉතින් මේ වචන දැක්කගමන් මට හිතුනා මම හිතාගෙන හිටපු ගීතය නිර්මාණය කරන්න මේක තමයි හොඳම අවස්තාව කියලා. ඉතින් ඊට පස්සේ මම ඒ වචන වලට තනුව නිර්මාණය කළා, ගයාන් රැන්ඩි සහ මම තමයි මියුසික් කළේ. වීඩියෝ එක කලී චමිල්, ඇත්තම කියනව නම් මට මේ රටේ තියෙන තත්වය එක්ක වීඩියෝ එකක් කරන්න අයිඩියා එකක් තිබ්බේ නෑ, හැබැයි පස්සේ මගේ ඒ අදහස වෙනස්වුනා….”

image 64

දිනේෂ් මේ වන විට ආදරවන්තයෙක් කියලා අපිට දැනගන්න ලැබුනා… දිනේෂ් ආදරේ කරන සුන්දර තරුණිය තමයි ජනප්‍රිය නිලි ශනුද්‍රි ප්‍රියසාද් ඉතින් ශනූ සහ දිනේෂ්ගේ ආදරේ ගැන දිනේෂ් අපිට කිවුවේ මේ වගේ කතාවක්….

image 65

”ඇත්තටම මේ දවස්වල හැමෝම මගෙන් අහන්නේ ඒ කතාව ඇත්තද කියලා, දැන් ඉතින් අපේ ආදර කතාව සමාජ මාධ්‍යවලින් ඒ ගැන ෆේමස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන අමුතුවෙන් කියන්න හංගන්න දෙයක් නෑ කියලයි මම හිතන්නේ….

image 60

ආදරය කියන්නේ ගොඩක් සුන්දර හැඟීමක්, මම මගේ ශනූට ගොඩක් ආදරෙයි, කොහොම වුණත් ඒ ගැන මීට වඩා දෙයක් කියන්න මේ වෙලාව නෙමෙයි කියලා මම හිතනවා…. ඉතින් අපේ ආදරේ ගැන අපි පස්සේ කතා කරමු”

image 61
image 66