උණුසුම් පුවත්
Search
68

”පුතාට එයා ගැන බලාගන්න පුළුවන් වුණ කාලෙක මං නිදහස් ජීවිතයක් ගත කරනවා” – පියුමි හංසමාලි

320

පියුමි හංසමාලි කිව්වම දැන් නම් මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්…. ඒ තරම්ම ප්‍රකට ඇය සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් කිව්වොත් වරදක් නෑ…… ඇය අපේ රටේ ඉන්න දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක්. මේ වන විට නම් රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් ඇය උනන්දුවක් දක්වමින් කටයුතු කරන අතරම ව්‍යාපාරිකාවක් ලෙසත් ප්‍රකටයි. ඉතින් ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා කියන එකත් ප්‍රකට කරුණක්. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් විදියට තමයි සමාජ මාධ්‍ය තුළ ඇයගේ රසිකයින් ඇයව හඳුන්වලා තියෙන්නේ.

පියුමි පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලා වල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ. ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා…..

May be an image of 7 people and crowd

කොහොම නමුත් මේ දවස්වල නම්, පෙරටත් වඩා පියුමි ගැන කතාබහ කරන්න පටන් අරන් කිව්වොත් හරි. කා එක්කවත් තමගේ ජීවිතය සසඳන්න කැමති නැති පියුමි ගොඩක් වෙලාවට යන්නේ එයාම හොයාගත්ත පාරක.

ඉතින් පියුමි හංසමාලි පසුගිය දවසක ඇගේ හොඳම මිතුරා චන්දිමාල්ගේ උපන්දින සාදයටත් සහභාගී වෙලා හිටියා. ඉතින් ඒ වෙලාවේ පියුමි වගේම ඇයගේ ආදරණීය පෙම්වතා, ප්‍රගීත් සහ ඇයගේ පුතා ද මෙම අවස්ථාවේ දැකගන්නට ලැබුණා. ඒ අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් පියුමි කිව්වේ හරි වෙනස් කතාවක්…..

May be an image of 3 people, beard, people smiling, suit and text

කොහොම වුණත්, පියුමි දවසක මේ හැමදෙයක්ම අත් හරින්නලු සූදානම. ඇය කියන විදිහට, තමගේ එකම පුතා නිසා තමයිලු ඇය මේ ගමන ගැන තවදුරටත් හිතන්නේ….. කාවිංග පුතාට එයා ගැන බලාගන්න පුළුවන් වුණ කාලෙක ඇය දරන වගකීම් පුතාට බාර දිලා නිදහස් ජීවිතයක් ගත කරන්න කැමතියි කියලා තමයි ඇය නම් කියන්නේ.

May be an image of 2 people, suit, wedding and text