උණුසුම් පුවත්
Search
dinakshie saranga

”මම කැමතිම දිනක්ෂි කා එක්කත් සුහදශීලීව ඉන්න ගතිගුණයට” – සාරංග දිසාසේකර

987

දක්ෂ නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් වගේම ගායන හැකියාවත් තියෙන ඔහු සැබැවින්ම දක්ෂයෙක්. ඉතින් ඒ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා ප්‍රේක්ෂකයා හමුවටගෙන එන ඔහු නමින් සාරංග දිසාසේකර යි. සාරංග දිසාසේකර ගැන නම් කවුද නොදන්නේ? ඒ තරමටම ඔහු පුංචි තිරය හරහා වගේම සමාජ මාධ්‍ය හරහාත් අතිශය ජනප්‍රිය කෙනෙක්.

image 135

ඉතින් සාරංග සිනමාව වගේම ටෙලිනාට්‍යය තුලත් තම රංගන දායකත්වය ලබා දෙනවා. ඔහුගේ එකිනෙකට වෙනස් වුණු චරිත රංගනයන් සාරංගගේ රසික ජනතාවට හොදින්ම දැක බලා ගන්න පුලුවන්. ඉතින් මේ දක්ෂ කලාකරුවා විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් සමග කියලා කවුරුත් දන්න දෙයක්. සාරංගගේ පළමු විවාහය වූ උමාලිගෙන් වෙන්වෙලා දිනක්ෂි සමග පවුල් ජීවිතයක් ආරම්බ කළ සාරංග මේ වන විට ආදරණීය සැමියෙකුගේ භූමිකාව වගේම පියෙකුගේ භූමිකාවත් ගෙදර දී රගපානවා. ඒ කියන්නේ ඔහු මේ වන විට ආදරණීය පියෙක්. සාරංග – දිනක්ෂි සුන්දර කැදැල්ල හැඩ ගන්වපු ඒ පුංචි සුරංගනාවි තමයි සාරණ්‍යා.

image 133

බබා ලැබුණ පස්සේ ජීවිතේ වගකීම් එක්ක ආදර්ශමත් පියෙකුගේ චරිතය සැබෑ ජීවිතේ රග දක්වන සාරංග ඔහුගේ බිරිද දිනක්ෂි සමගින් ඉතා සතුටින් ජීවත්වෙනවා. ඒ බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. සාරංග – දිනක්ෂි ඔන්ලයින් කියන යූ ටියුබ් නාලිකාව හරහා ඔවුන්ගේ ජීවිතයේ විශේෂ සිදුවීම් අපිට දැක බලා ගන්නත් පුලුවන්. ඉතින් මේ වන විට සතුටින් කැදැල්ලේ ජීවත් වෙන සාරංග සාකච්ඡාවකට එක්වෙමින් දිනක්ෂිගේ කැමතිම ගති ගුණය ගැන කිව්වේ මේ විදියටයි.

image 132

”දිනක්ෂිගේ මම කැමති ගතිගුණ ගොඩක් තියෙනවා. එයා ඉන්න තැන අනුව හැසිරෙනවා… භාජනේ හැඩේ අනුව වෙනස් වෙලා ඉන්නේ. එයා හරියට වතුර වගේ. එයා උයන කෑමත් වතුර වගේ. මම කැමතිම එයා කා එක්කත් ඉතාම සුහදශීලීව වැඩ කරන්නේ. එයාගේ ඒ මිත්‍රශීලීකමට මම කැමතියි.’’

image 134