උණුසුම් පුවත්
Search
nayana

“මං එයාගේ ගමන යන්න දුන්නා, තරහක් නෑ….” – නයනා කුමාරි හොඳම යෙහෙළිය ගැන කියයි

168

නයනා කුමරි කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් වෙත සමීප වූ කවුරුත් ආදරේ කරන චරිතයක්.

නමුත් දැන් නම් ඇය වැඩිපුර දකින්න නොලැබෙන්නෙ, ඇගේ රූපලාවන්‍යාගාරයත් එක්ක කාර්යබහුල වීම නිසයි.

ඇය මෑතක යූටියුබ් නාලිකා හරහා ප්‍රේක්ෂකයින් සමඟ ඇගේ තොරතුරු බෙදාහදාගෙන තිබුණා.

image 278

කාලයක් නයනා සහ ගයාත්‍රි කියපු සැණින් අපේ මතකයට එන දෙදෙනා මේ වන විට නම් තරමක් වෙන්ව තම තමන්ගේ මාර්ග වල ගමන් ගන්නවා.

image 275

ඉතින් නයනා යූටියුබ් නාලිකාව හරහා ඇගේ මිතුරිය ගයත්‍රි ගැන මතක අවදි කළේ මෙලෙසිනුයි.

“ගයත්‍රි මට හම්බෙලා අවුරුදු 25ක් විතර ඇති. ඒ හිතවත්කම කාලයක් තිබ්බා….. අවුරුදු 4ක් 5ක් තිස්සෙ ඒ යාලුකම හෙල්ලි හෙල්ලි තමයි තිබුණේ. අපි හිතන් ඉන්න අය වෙනස් වෙන්න පුළුවන්නෙ. මම එයාගේ ගමන යන්න දුන්නා. එහෙම තරහාක් නෑ….. චන්න අයියත් ගයත්‍රිටත් කලින් ඉඳලා හිතවතෙක්. ලංකාවෙන් යන කතාවත් මම දැනගත්තෙ ගියාට පස්සෙ.”

image 276

ඒ වගේම ගයත්‍රි සහ චන්නගේ වෙන්වීම ගැනත් නයනා මේ විදිහට කියලා තිබුණා….

“ඒ දෙන්නා ගත්ත හොඳම තීරණේ ඒක වෙන්නැති. හොඳම යාලුවා විදිහට මම ගයත්‍රිට කිව්වා, මොන ගැටලු තිබ්බත් ඩිවෝස් එකකට යන්න එපා, ඒක දරුවෝට බළපානවා කියනවා..”

image 277