උණුසුම් පුවත්
Search
dinithi

”සංගීත් එක්ක කාලේ ගෙවන්න ඕන නිසා ගුවන් සේවයෙන් අයින් වුණා” – කාගෙන්වත් යැපෙන්නේ නෑ කියූ දිනිති

603

කලා ලෝකය තුළ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙච්ච යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ. බොහෝ දෙනෙක් මේ යුවළට හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ ඔවුන්ගේ ආදරණීය ආදරයට. ඒ වගේම තමයි තවත් සමහරුන් ඔවුන් පිළිබඳව විවේචනය කරනවා. ආදරය, විවේචනය කියන මේ සියලුම දේවල් එක්ක ජීවිතයේ ඉදිරියට යන දිනිති සහ සංගීත් පෙම්වතුන් කියලා කිව්වෙත් මේ මෑතකදී.

image 165

ඔවුන් මේ අවුරුද්දේ විවාහ වෙන්න සූදානමින් ඉන්නවා කියලත් සඳහන් කරලා තිබ්බා. ඒ වගේම තමයි කලකට ඉහතදී දිනිති තනිකඩව ඉන්න කාලෙදී කාගෙන්වත් යැපෙන්න කැමති නෑ, තමන් ස්වාධීනව ජීවත් වෙන්න තමයි උත්සාහ දරන්නේ කියලත් සඳහන් කරලා තිබුනා.

image 161

ඒ වගේම තමයි ඇය එක්තරා දවසකදී සඳහන් කරා ඇයට විවාහ යෝජනාවක් ආවලු හොඳ පවුලකින්. ඒ පවුලේ අම්මා කිව්වලු අපි ඔයාව රැජිනක් වගේ බලා ගන්නම් ඔයාට අවශ්‍ය කරන හැම දේම දෙන්නම් ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න කියලා….. මොකද එතකොට කාල වේලාවත් අඩු නිසා දෙන්නට ජීවත් වෙන්න අපහසුයිනේ කියලා.

image 162

හැබැයි ඇය මේ විවාහ යෝජනාවට කැමැති වෙලා නැහැ. මොකද ඇය කැමැති නෑ කියනවා ජොබ් එකෙන් අයින් වෙන්න කියන කෙනෙක්ට…. ඒ වගේම විවාහයක් වෙනුවෙන් ජොබ් එක නැති කරගන්නත් ඇය කැමැති නෑ කියලත් සඳහන් කළා. ඇය තේරුම් ගත්තු චරිතයක් හම්බුනොත් එදාට විවාහ වෙනවා කියලත් එක්තරා ප්‍රසිද්ධ යූටියුබ් වැඩසටහනක දී දිනිති ප්‍රකාශ කළා.

image 163

එහෙම කිව්ව දිනිති පසුගිය දවසක ඇයගේ ජීවිතයේ සුවිශේෂී තීරණයකට එනවා. ඇය ඒ තීරණය සම්බන්ධයෙන් හැමෝටම කිව්වේ මේ වගේ කතාවක්.

“සංගීත් වෙනුවෙන් මම කැප කරපු ලොකුම දේ මගේ ජොබ් එක… මම සංගීත් එක්ක ඉද්දි මම ආසයි සංගීත් එක්කම ඉන්න. මට මෙයා හරි ක්ලෝස්….. මායි එයයි හැමතිස්සෙම එකට ඉන්නවා. ඒ නිසා මම ඒ කාලයට ආදරෙයි. ඊට පස්සේ මම හිතුවා මම ජීවත් වෙන්නේ සතුටින් ඉන්න නම් මට අනිත් දේවල් වැඩක් නෑ කියලා…..”

image 164

ඒ විදිහට ඇය කිව්වට පස්සේ සංගීත් සඳහන් කළාලූ ඔහුත් ඇයගෙන් ඉල්ලීමක් කලාලු ගුවන් සේවයෙන් අයින් වෙන්න කියලා. ඉතින් කෙසේ නමුත් එය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ තීරණයක්.

image 166