ටෙලි නාට්‍යක දෙකක රඟපෑවා පමණින් රංගන ශිල්පිනියක් වෙන්නේ නෑ, ඒකට රංගන හැකියාව තියෙන්නම ඕන…. ඉතින් ඒ වගේ ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මීනා කුමාරි කියන්නේ. පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හරහා ඇය ලංකාවේම ආදරේ දිනාගන්න සමත් වුනා. මේ කතාබහ මීනා කුමාරි සමඟ කළ සාකච්චාවකින් උපුටා ගත්තක්.

මීනා කොහොමද මේ දවස්වල මොකද කරන්නේ ?
”මම නම් සුවෙන් සතුටින් ඉන්නවා, නිර්මාණ කිහිපයකම රූගත කිරීම් තියෙනවා… ඒවාට සම්බන්ද වෙනවා, ඊටපස්සේ ඉතින් පවුලේ වැඩ තමයි… රංගනයට වගේම අපි ඒ දේවල් ගැනත් ගොඩක් හිතන්න ඕන නේ, එතකොට තමයි පුද්ගලික ජීවිතය වගේම වෘතීමය ජීවිතයත් සමබර කරගන්න පුළුවන් වෙන්නේ, වෙන ඉතින් කියන්න තරම් විශේෂ දෙයක් නෑ…”

අපි දකිනවා ටෙලිනාට්‍ය තුලදී මීනා ඔබට ලැබෙන්නේ වියපත් චරිත ඇයී ඒ.?
”මට ලැබෙන චරිත ඕනනේ මම බාර ගන්න, ගොඩක් නිර්මාණ කරුවන් මාව හොයාගෙන එන්නෙම අම්මාගේ චරිතය ලබාදෙන්න…. ඉතින් මම ඒවා රිජෙක්ට් කරන්නේ නැතුව බාරගන්නවා…. ඒ චරිත කරන්නත් කවුරු ඉන්න ඕන නේ, අනිත් රංගන ශිල්පිනියන් කැමති නෑ වයසට වඩා වයස පෙන චරිත කරන්න.. හැබැයි මට එහෙම ප්‍රශ්නයක් නෑ…”

රංගනයට සම්බන්ද වෙන්න කලින් ඔබ කලේ මොනවද..?
”මම රංගනයට සම්බන්ද වෙන්න කලින් හමුදාවේ ගුවන් නිලධාරිනියක් වශයෙන් කටයුතු කළා, මම ගුවන් හමුදාවෙන් ඉවත් වුනේ හොඳම ගුවන් සේවිකාව වෙලා…. ඒ සේවයෙන් ඉවත් වෙනවතේ එක්කම තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ. මොකද මට පොඩි කාලේ ඉඳලම රංගන කුසලතාවය තිබ්බා, ඉතින් ඒ හැකියාවෙන් වැඩක් ගන්නත් එපැයි…”
