නිවේදිකාවක ලෙස සිරස ගුවන් විදුලිය ඔස්සේ මෙරට ජනයා අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගත් සුන්දර චරිතයක් තමයි හර්ෂණී කියන්නේ.
ලස්සන කටහඬකට උරුමකම් කියන නිසාවෙන් වගේම අපූරුවට කටහඬ හසුරුවීම නිසාවෙන් මේවෙනකොට ඇයට මෙරට විශාල පිරිසක් ආදරය කරනවා.
කොහොම වෙතත් ඇගේ හඩ ගුවන් විදුලිය ඔස්සේ නිරන්තරයෙන් අසන්නට ලැබුණත් ඇය හර්ෂනී ද කියන බොහෝ දෙනෙකු දන්නේ නැහැ.

ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මේ සුන්දර චරිතය ගැන ඔබ මෙතෙක් නොඇසූ හැමෝම වගේ දැන ගැනීමට ආසාවෙන් ඉන්න තොරතුරු කිහිපයක් ගැනයි.
හර්ෂණි විවාහවෙන්නේ මෙරට කලා ක්ෂේත්රය තුළ ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් කේෂාන් ශෂීන්ද්‍ර සමගයි.
ඔහුත් සමගින් විවාහ වෙන ඇය සදහන් කරන්නේ මේ වෙද්දී නම් ඒ විවාහයට සමුදීල තනිකඩ ජීවිතයක් ගත කරනවා කියලයි. මේ විදිහට විවාහයෙන් වෙන්වීමට හේතු කාරණා වු සිද්ධීන් ගැන ඇය පහුගිය දවසක ඉතාමත් විවෘතව එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මෙලෙසයි. ඇය ප්‍රකාශයට පත් කළ ඒ අදහස් දැක්වීම අපි එලෙසින්ම පහතින් උපුටා දක්වා තිබෙනවා.

“නිවේදනය නිසා තමයි මට ඔහුව මුණ ගැහුනේ…. මගේ වැඩසටහනකට එයා ආවා, ඒ තමයි කේෂාන් ශෂීන්ද්‍ර. ඊට පස්සේ එයා මට විවාහයට යෝජනා කළා මුලින්ම එයාට කැමැති වුණේ නැහැ…. එයා redical කෙනෙක් වගේ මම දැක්කේ…. ඒත් කතාබහ කරාට පස්සේ එයා හොඳ කෙනෙක් කියලා තේරුණා. සංගීතය නිසා එයා ජොබ් එකෙන් අයින් වෙලා, එහෙම පසුබිමක එයා වගේ කෙනෙක් එක්ක විවාහ වෙනවාට ගෙදරින් අකමැති වුණා. ඒත් මම ඔහු එක්ක විවාහ වුණා.

කිසි දෙයක් බලාපොරොත්තු නොවී. අපි 2014දි විවාහ වුණා ඇති වුණු ප්‍රශ්නයක් නිසා 2018 දී දික්කසාද වුණා. එයාට ඕනෙ වුණේ නැහැ ඩිවෝස් වෙන්න. ඒත් එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් අරන්, මම ඔහුව ගොඩක් විශ්වාස කළා…. “
ඒ විදිහට අදහස් දක්වන හර්ෂනී කියන්නේ ඔහුට ඔහුගේ සතුට දීල ඇය එතැනින් අයින් වුණා කියලයි. ඒ විතරක් නොවෙයි ඔහුගේ ගතිගුණ වචනෙන් කියන්න බැරි තරම් හොඳයි කියලත් ඇය සඳහන් කරනවා…..

මේක දෛවය වෙන්නැති කියල හිත හදාගෙන අද වෙද්දි ඇය ජීවත්වෙනවා. ඒ වගේම කේෂාන්ගේ පවුලේ අයත් එක්ක හරිම හිතවත් කියන ඇය කියන්නේ ඔවුන් අතර කිසිම තරහක් නැහැ කියලයි.
මේ වෙද්දී හර්ෂනීත් ඇගේ ජීවිතය ගැන අලුතින් හිතන්න පටන් අරගෙන තිබෙනවා කියල තමයි අපට ආරංචි වෙන්නේ. ඇත්තෙන්ම මේ වෙනකොට ඇය දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආදරය කරනවා කියල තමයි රාවය පැතිරෙන්නේ.
ඒ ගැන අහනවිට ඇයනම් කියන්නේ ඒ දේවල් සිද්ධ වෙයිද නැද්ද කියන්න දන්නෙ නැති වුණාට ක්‍රිකට් තරුවකට ආදරේ කරනවා කියලයි. ඉතින් ඇගේ මේ ආදරය විවාහයක් දක්වාම යන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්නයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.




- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)