රංගන ශිල්පිනි යුරේනි නොෂිකා පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නෑ. ඒ ඇය ලන්ඩන් වල සංචාරයක නිරත වුණ නිසා. ඒ ගැනත් සෝෂල් මීඩියා වල විවිධ කතා පැතිරුණා. ඉතින් ඒ ගැන ඇය ඇත්තම තොරතුරු සතිඅන්ත පුවත්පතකට පැහැදිලි කිරීමක් කර තිබුණේ මේ විදියටයි.
”පුංචි බ්රේක් එකකට තමයි ලන්ඩන් ගියේ. මේ හැමදේකින්ම මනස සැහැල්ලු කරගන්න ලොකු වුවමනාවක් තිබුණා. තව මගේ පෞද්ගලික සැලසුම් කිහිපයකුත් තිබුණා. මම ඇත්තටම වැඩි කාලයක් ලන්ඩන් වල හිටියේ නැහැ. දවස් 10කට තමයි ගියේ…..”


ලංකාවට එනකොට යුරේනිට පුදුමාකාර අත්දැකීම් වලට තමයි මුහුණ දෙන්න වෙලා තිබුණේ. මොකද එතකොට ලංකාවේ පෙට්‍රල් පෝලිම් උග්‍ර වෙලානේ තිබුණේ. හැබැයි පෙට්‍රල් නැහැ කියලා ඇය ඇගේ වැඩ කටයුතු පාඩුකරගෙන නැහැ.


”ලංකාවට එනකොට පෙට්‍රල් තිබුණේ නැහැ. මම ලංකාවෙන් යන්න කලින් මගේ වාහනේ පෙට්‍රල් ටිකක් තිබුණා. ඒක නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ කරගත්තා. එයාර්පෝට් එකේ ඉඳලා මම බයේ හිටියේ කැබ් එකක්වත් නැති වේවි කියලා. ලංකාවට එනකොට පෙට්‍රල් තත්ත්වය උග්‍රවෙලා කොළඹට එනකොට පෙට්‍රල් පෝලිම් දැකල මම ඔළුව ගහගත්තා. මොකද ඒ තරම් දරුණු පෝලිම් මම දැකලා නැහැ…”

මෙච්චර දෙයක් දැනගත්තානම් ඇය ඇත්තටම ලන්ඩන්වලටම වෙලා හිඳීවි ද?
”ඔව්, තව පොඩ්ඩක් ඉඳලා එනවා. (සිනාසෙමින්) ඒ වුණාට ලංකාව දාල ගිහිල්ලා ඉන්න බැහැනේ… අපි මේ රටේ ඉපදිලා, මේ රටේ හැදිලා, මේ රට තරම් හොඳ රටක් ලෝකයේ තව නැහැ කියන තැන මම ඉන්නවා…. මොන ප්‍රශ්න ආවත් ලංකාව දාල යනවා කියන අදහසක් ගැන කියන්න බැහැ. ඉස්සරහට මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ. මොකද දෛවය කියන්නේ හරි වෙනස්.. අපි හිතන්නේම නැති අවස්ථා වල අපි හිතන්නේ නැති තීරණ ගන්නවා. නමුත් ලංකාවට ආවහම මට ගෙදර කියන හැඟීම දැනෙනවා, ඉතිං ඒක තියෙනවා… ”

ලංකාවට ආවට පස්සේ ඇය ගමන් බිමන් ගැන අදහස් දක්වලා තියෙන්නේ මේ විදියට….
”පෙට්‍රල් නැති නිසා එළියට බහින්න බැරි නිසා යන තැනකත් යන්නේ බස් එකේ. නැත්නම් ඇවිදිනවා.”

ඇත්තද මේ කියන්නේ…. යුරේනි බස් එකේ යනවම ද?
”බස් එකේ යනවා, ඒක ඇත්ත. හොඳ ඇත්දැකීමක්….. මම බස් එකක ගියපු ළමයෙක්. අවුරුදු 22ක් ජීවිතයේ බස් එකේ තමයි ගියේ. දැන්නේ වාහන තියෙන්නේ. ඒක හින්දා මට ඒක අමුතු ලෝකයක් නෙමෙයි. ආයෙමත් මට මුලට ගියා කියලා හැඟෙනවා. ඔහොම තමයි ජීවිතේ. ජීවිතය හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නැහැනේ. ජීවත්වෙනවා කියන්නේ උස් පහත් දේවල් වලට මුහුණ දෙනවා කියන එකනේ.”



- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)