උපේක්ෂා ස්වර්ණමාලී කියන්නේ පුංචි තිරයේ වගේම සිනමාව තුළත් ඇගේ රංගන කුසලතාවයන් විදහා දක්වන කෙනෙක්. ඉතින් ඇයට බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘පබා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය හරහා යි. ඉතින් උපේක්ෂා රංගනයෙන් දායක වුණු පානාමංකඩ ටෙලිනාට්‍යයටත් ඇයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්නටත් හැකි වුනා.
ඒ වගේම මේ දිනවල ඇයව දැක ගන්න පුලුවන් දිව්‍යාදරී ටෙලිනාට්‍යය හරහා. මෙගා නාට්‍යය කලාවට ඇලුම් කරන උපේක්ෂා කාලයක් දේශපාලනය නිසා කලා නිර්මාණ තුළින් දැක ගන්නටත් නොහැකි වුණා. ඉතින් ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරන උපේක්ෂා මේ වන විට කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 18 ක් පමණ වෙනවා.
මේ වන විට ආදරණීය මවක් වන උපේක්ෂා දුවත් බලාගෙන දුවගේත් වැඩ කටයුතු එක්ක වගේම කලා කටයුතු සමගත් කාර්යබහුල වෙලා ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඇය ඇගේ ජීවිතය තුල මෙතෙක් කාලයක් ලැබූ අත්දැකීම් ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුණේ.
”මට හිතෙනවා මගේ ජීවිතය විනාස වුනාද කියලා. පිට රටක ඉදලා ආපු මම විවාහ දෙකකින් අසමත්වෙලා ඉන්නේ. ඉතින් මගේ ජීවිතේ නිකරුණේ නාස්ති වුනා නේද කියලා මට හිතෙනවා. නමුත් මට රත්තරන් දරුවෙක් ඉන්නවා. මගේ දුවට අවුරුදු 6 යි. මම හිතනවා මට ඉදිරියට කරන්න තව වැඩ තියෙනවා. මට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙනවා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී අදහස් දක්වලා තිබුණේ.