ඩිලන්ත මාලගමුව කියලා කියන්නේ මෝටර් රථ ධාවන තරඟ ඔස්සේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් අති දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලය තුල මෝටර් රථ ධාවන තරග දෙසීයකටත් වඩා අධික ප්‍රමාණයකට සහභාගී වී ජයග්‍රහණ ලබාගත් ඔහු මේ වන විට අපේ රටේ ඉන්න ප්‍රසිද්ධම සහ ජනප්‍රියම චරිතයක් වී අවසානයි. 1963 ජූනි 24 වන දින kurunegala ප්‍රදේශයේ තමයි උපත ලබන්නේ. ඉතින් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී මෝටර් රථ ධාවන තරග සඳහා අවතීර්ණ වූයෙ කෙසේද යන්න පිළිබඳව අදහස් දැක්වුයේ මේ විදියට.

” අවුරුදු 16 දී ‘සිල්වර් ඩ්‍රිම් මිෂන්’ කියලා ෆිල්ම් එකක් බැලුවා. ඉතින් එදා තමයි ධාවකයෙක් වීමේ හීනය මගේ හිතට ඇතුළු වෙලා නළියන්න පටන් ගත්තේ. ගෙදරින් තිබූ කැමැත්ත අකැමැත්ත දෙකටම මැදිව මුලින්ම හොන්ඩා සීබී 50 බයික් එකෙන් ධාවනයට මුල පිරුවා. රේසිං කරපු මුල්ම මෝටර් රථය හොන්ඩා සිටි ටර්බෝ එකක්. තුන් සැරයක් මාරයා ළගටම ගිහින් ඇවිත් තියෙනවා.
ධාවනයට මගේ මුළු ජිවිතයම කැප කරලා කිව්වොත් කිවොත් වඩාත් නිවැරැදියි. මගේ මේ ගෙවෙන හැම මොහොතම, සෑම තත්පරයක්ම ඒ වෙනුවෙන් කැප කරලයි තියෙන්නේ. “

” මම සිහින දකින කෙනෙක්. තරගයකට සහභාගී වෙන්නත් කලින් ඒ තරග ජයග්‍රහණය මම සිහිනෙන් දැකලා ඉවරයි. ඇත්තටම මම සිහින එක්ක ජිවත් වෙන කෙනෙක් කිවුවොත් නිවැරැදියි. හැබැයි ඒ දකින හැම හීනයකම කැටි වුණේ ධනාත්මක සිතිවිලි. ඒ නිසා වෙන්න ඇති රුපියල් 4000 අරන් ගෙදරින් පැනලා ජපානෙට ගිය මට ජිවිතේ ජයගන්න හැකී වි තිබෙන්නේ. “
ඒ වගේම ඔහු සිය විවාහ දිවිය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්….

“දැන් මම විවාහ ජීවිතයෙන් ඈත්වෙලා ඉන්නේ මට දුවලා ම තුන් දෙනෙක් ඉන්නවා එයාලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. කාලයක් දුවට තිබ්බා මෝටර් රථ ධාවන තරග සඳහා සම්බන්ධ වෙන්න. අන්තිමට එයා automobile ඉංජිනේරු පැත්ත ඉගෙන ගත්තා”
ඉතින් මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය ක්‍රීඩකයාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
