රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ නමක් දිනු බොහෝ දෙනෙක් දන්නා හඳුනන රංගන ශිල්පියෙක්. රොෂාන්ගේ නම කියූ සැණින් දැන් ඇහෙන නමක් තමයි රිද්මා පිලපිටිය. රොෂාන් – රිද්මා ආදරණීය කැදැල්ල කියන්නෙම හැමෝගෙම ආදරය ලබන සොඳුරු කැදැල්ලක්.
ගෙවුණු දවසක සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට එකතුවෙමින් රොෂාන් සුහද කතාබහක නිරතවෙලා තිබුණා.

ඒ අතර රොෂාන් විදෙස්ගත වෙන්න අදහසක ඉන්නවද කියලත් අහලා තිබුණා….
“ඇත්තම කියන්න මට මේ මොහොත වන විට ග්‍රීන්කාඩ් එක ලැබිලා තියෙන්නෙ. ග්‍රීන්කාඩ් එක ලැබිලත් රට නොයන එකම කෙනා සමහර විට අපි වෙන්න ඇති…. එහෙ ගියා කියලා අලුතින් ජීවිතය පටන් ගන්න විදියක් නෑනෙ. දැන් මෙහෙ අපේ ජීවිත මුල් ඇදලා ඉවරයි. හැබැයි ට්‍රැවල් කරලා එන්න ආසයි. මම එහෙමයි කියලා, යන අයට යන්න එපාය කියලා මම කියන්නෙ නැහැ.
තමන්ට හොඳ ආර්ථික ශක්තියක් ගොඩනඟාගන්න හොරුන්ට අහුනොවී වැරදි මාර්ග වලින් තොරව හරි විදියට රට යන්න. හරි විදියට රට ගියාම වරදින්නෙත් නැහැ….”

ඔහු සිය විවාහ ජීවිතය ගැනත් මේ විදියට කතා කරලා තිබුණා…
” ඇත්තෙන්ම මම හිතුවටත් වඩා හොඳයි. රිද්මා දරුවාවත් හදාගෙන ගෙදර පෝච්චියක හෝ එළවළුවක් වගාකරගෙන ගෙදර ලස්සනට තියාගෙන හරි ලස්සනට ජීවිතය ගෙවනවා…. එදිනදා ප්‍රශ්න හමුවේ අපට ජීවිතය සුන්දර කරගන්න ඒ සියලු දේ ඉවහල් වුණා…. විවාහ ජීවිතයේදී ඇත්තටම මම සතුටින්.

මම පුළුවන් විදියට ගේ අතුගාලා දීලා හරි මම රිද්මාට ගෙදර වැඩ වලට උදව් කරනවා. ඒ විදියට ජීවිතයේදී එක්කෙනෙකුට විතරක් බරක් නොදී පුළු පුළුවන් විදියට බෙදාගෙන කළොත් දෙන්නටම සතුටක් දැනෙන්නෙ. මොකද ඒවා කරන්නෙ සතුටින්නෙ.
සමහරු මට බනින්නෙ මම සෝෂල් මීඩියා වල නැහැ කියලයි. වට්ස්ඇප් හැර මම සෝෂල් මීඩියා එකේ නැහැ. මම ආස කරන්නෙ පොතක් කියවන්න, ඇවිදින්න, ව්‍යායාම් කරන්න, ෆිල්ම් එකක් බලන්න වගේ දේවලටයි. සෝෂල් මීඩියා එකේ ඉද්දි පොත් කියවීම පවා අඩුවුණා. ඒ නිසා මම ඒවායින් ටිකෙන් ටික ඈත්වුණා….”

සඳුන් ගමගේ
සඳැල්ල