චෝදනාවකට ලක්ව සිඩ්නි නුවර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ සිද්ධිය විදෙස් රටක සිදු වූවත් ලංකාවේ ඉතා වේගයෙන් ප්‍රචාරය වුණා.
ඒත් සමඟම ධනුෂ්කට උදව් කළ දේශපාලකයින් සම්බන්ධ සමාජ මාධ්‍ය තුළ විවිධ ආරංචි පැතිර යන අතරේ තමා ඊට සම්බන්ධ නැතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබා තිබෙන්නේ නැවත වරක් බොහෝ දෙනාගේ අවධානය ඊට යොමු කරමිනුයි.
නාමල් ඒ සම්බන්ධව මෙසේ සටහන් කර ඇත.
”මෙම ප්‍රශ්නයට මාව සම්බන්ධ කර ගැනීමට සහ ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ අපේ ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් පමණයි. මම ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කිසිම ජාතික ක්‍රීඩාවක පරිපාලනයට සම්බන්ධ වී නැහැ!”
Trying to involve me in this issue & politicizing cricket will only further damage the image and reputation of our nation. I have not got involved with the administration of any national sport, in any capacity since my resignation as the Sports Minister!