උණුසුම් පුවත්
Search
Untitled design 59

” ජීවිතේ කවදාවත් එක පේෂල් එකක්වත් කරලා නෑ. කට්ටිය කොපි කරන නිසා මම ඇඳුම් ගැන හිතනවා ” – උදාරි වර්ණකුලසූරිය

170

කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ. බොහෝ සිනමා නිර්මාණය සඳහාත් ටෙලි නිර්මාණ සඳහාත් සිය රංගන දායකත්වය ලබා දුන් ඇය මේ වන විට ආදර්ශමත් බිරිඳක් වගේම ආදරණීය දියණියකගේ මවක් වෙනවා. ඇය විවාහ වන්නේ වෛද්‍යවරයෙක් සමගයි. විවාහයත් සමඟ නිර්මාණ සඳහා ඇගේ රංගන දායකත්වය අඩු වුවත් ඇය රංගනයෙන් දායක වූ සියලුම නිර්මාණ වලට රසික රසිකාවියන්ගෙන් තවමත් ලැබෙන්නේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. වැඩ මහල් දියණියක් සිටින මවක් වුවත් තවමත් ඇයට තිබෙන්නේ නව යොවුන් තරුණියකගේ රූප සුන්දරත්වයක්. ඒ නිසාම තමයි තවමත් ඇයට බොහෝ දෙනා ආදරය කරන්නේ.

87732255 10157745323071488 237346721774960640 n 1

විලාසිතා පිළිබඳව කතා කළොත් ඇය බොහෝ වෙලාවට ස්වභාවික සත්කාර තමයි අනුමත කරන්නෙ. ඉතිං ඒ පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය කියලා තිබුන මේ වගේ දෙයක්.

” ජීවිතේ කවදාවත් එක facial එකක්වත් කරලා නෑ. මම විශ්වාස කරන්නෙ සොබාවදර්මයෙන් ලැබිච්ච දේ තමයි ලස්සනම දේ. අස්භාවික දෙයක් ගන්නවා කියන්නෙ විරූපී වීමක් තමයි. Color change නම් කරනවා. shooting වලදී චරිතයකට පාට මාරු කරන්න වුණොත් ඇරෙන්න කරන් නෑ. විලාසිතා ගත්තම මට ගැළපෙන ඒවා විතරයි. මම බහුතරයක් දැකලා තියෙනවා අපේ අයට fashion එකක් තෝරගන්න දන් නෑ.

301143863 10159782569071488 1407605711406061738 n

සුදුසු තැන සුදුසු ඇඳුම පාවිච්චි කරන්න දන් නෑ. මම විලාසිතා වලදී එන එන trend එක ගන් නෑ. එකක් මම මවක් බිරිඳක්. මුලු රටක් ලෝකයක් දන්න චරිතයක්. ටීවී එකේ අපි ඇඳන් ඉන්න ඇඳුමක් දැකලා අපිව කොපි කරන්න කෙනෙක් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආදර්ශමත් වෙන්න වුවමනයි කියන තැන මම ඉන්නවා. ෆිල්ම් එකක වුණත් මම ඇඳුම ගැන හිතනවා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

10403112 10153210902831488 1924033232112471959 n