ගංගු රොෂානා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.කලා ක්ෂේත්‍රය තුළට ප්‍රවිෂ්ට වෙන්නේ අවුරුදු 13 දී.අවුරුදු 13 දී සිනමා රංගනයට පිවිසුණත් ඇය ටෙලි නාට්‍ය තුළින් සහ සිනමාවෙන් අද දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.උපතින්ම මුස්ලිම් තරුණියක් වන ඇය මේ දිනවල දී විකාශය වන නිම්හිම් සිනමාපටයෙන් අපට දැකගන්නට පුළුවන්.ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇය පිළිබඳවයි.ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළ දී ඇය පිළිබඳ නවතම තොරතුරු රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

ඇත්තටම මේ වෙනකොට නිම්හිම් චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වන රාධිකා කියන චරිතයට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ගොඩක් අය මේ චිත්‍රපටය ගැන ගොඩක් කතා පැතිරුවා.මේ ගැන ගොඩක් අඩුවෙන් තමයි කට්ටිය කතා කළේ.නිර්මාණය නැරඹුවට පස්සෙ තමයි තේරුනේ ඒ චිත්‍රපටය කොයිතරම් හොඳ නිර්මාණයක් ද කියලා.ඇත්තටම මම හිතනවා මේ චිත්‍රපටයේ රාධිකා චරිතයට මම උපරිම සාධාරණයක් කළා කියලා.මට ඇත්ත ජීවිතයෙත් රාධිකාට වගේම හොඳට දෙමළ කතා කරන්න පුළුවන්.මොකද මම උපතින්ම මුස්ලිම් තරුණියක්.එ නිසා දෙමළ කථා කිරීමේ හැකියාව මට උපතින්ම පිහිටලා තියෙනවා.

2016 වසරෙන් පසුව තමයි චිත්‍රපටයක රඟපෑම් කටයුතු කරන්නේ.හිතන්නේ ඒ දේ ඇත්තටම හොඳයි.මොකද රංගන ශිල්පිනියක් කාලයක් අරගෙන ආයෙත් මිනිස්සු අතරට ආවම අලුත් බවක් තමයි රසිකයාට වුණත් දැනෙන්නේ.මම රංගන කටයුතුවලින් ඈත් වෙලා හිටපු ඒ අවුරුදු හය ඇතුළත මගේ අධ්‍යාපන කටයුතු අවසන් කළා.ඇත්තටම මට කලාව ගැන කලකිරීමක් නැහැ.නමුත් ක්ෂේත්‍රයේ කඩා වැටීමත් සමග රංගන ශිල්පිනියකට සහ රංගන ශිල්පියෙකුට යන කල දසාව මොකක්ද කියන දේ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

ඇත්තටම මට කලා ක්ෂේත්‍රයෙන් හරියට කැපිලි කෙටිලි තියෙනවා.මට සමහර වෙලාවට අධ්‍යක්ෂකවරුන් වැඩ වලට කතා කරන්නේ හරි අඩුවෙන්.ඒකට හේතුව මට තවම හිතාගන්න බෑ.මම හිතන්නේ ක්ෂේත්‍රයේ සමහර වෙලාවට අපේ පැවැත්ම අනෙක් අය තීරණය කරන වෙලාවල් තියෙනවා.ඉතින් මම ඒක නම් මගේ පැවැත්මත් සමහර අය තීරණය කරනවා කියලා.මට ඇත්තටම ක්ෂේත්‍රයෙන් සමුගන්න අදහසක් තියෙනවා.මොකද මේ වසංගත යත් එක්ක මේ කලා ක්ෂේත්‍රයේ කඩා වැටිල තියෙන්නෙ.අනිත් දේ තමයි එක්තරා පිරිසකට විතරක් සීමා වෙලා තමයි වැඩ ටික කරගෙන යන්නේ.අපි හැමෝම වැඩ කරන්න ඕනිනෙ.ඒ නිසා ලොකු කලකිරීමක් තියෙන්නේ.මට දැන් පෙම්වතෙක් ඉන්නවා.නමුත් දැන්ම විවාහය ගැන හිතන්නේ නෑ.ඒකට මට තව ටිකක් කල් ඕනේ.
යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇගේ සියලුම වැඩ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
