උණුසුම් පුවත්
Search
maheshi

”මට කලින් ප්‍රේම සම්බඳතා ගොඩක් තිබුණා, සම්පත් විතරයි වද දුන්නේ නැත්තේ” – මහේෂි මදුසංකා

4603

රංගන ක්‍ෂේත්‍රයේ මේ කාලයේ නම් නිතර දකින්න ලැබුනේ නැති වුනත් ලාංකේය ප්‍රේක්ෂකයින් අතර ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුශංකා කියන්නේ. ටෙලිනාට්‍ය හරහා වගේම සිනමාව හරහාත් හැමෝගෙම ආකර්ෂණය දිනාගත් ඇය මේ දවස්වල නම් කළා නිර්මාණ හරහා වැඩිය පෙන්න නෑ… දරු දෙදෙනෙකුට මවක් වෙන ඇය ඉතින් කාලයක් නිර්මාණ වලට සම්බන්ධ වුනේ නැති නිසාත් ඇය සමඟ කළ කතාබහක උපුටා ගැනීමක් තමයි මේ…

image 391

මහේෂි දැන් වැඩිය පේන්න නෑ… මොකද මහේෂි දැන් රංගනයට සමුදීල ද..?

”නැහැ…. මම රංගනයට සමුදීලා නෑ, මම කෙටි විවේකයක් අරගෙන ඉන්නේ…. මම දැන් අම්මා කෙනෙක්….. ඉතින් කලින් වගේ වෙලාව වෙන්කරගන්න ගොඩක් අමාරුයි, අනිත් රංගන ශිල්පිනියන් වගේ තණ්හාවට හැමදේම බදාගෙන රඟපාන රංගන ශිල්පිනියක් නෙවෙයි මම, මගේ හිතට දැනෙන අර්ථයක් තියෙන චරිතයක් ලැබුනොත් බාරගන්නවා… ඒ ඇරෙන්න මට ගෙදර දොරේ දරුවන්ගේ කටයුතු තියෙනවා… ඒවා කරගෙන ඉන්නවා…”

image 384

අද වෙනකන් ආව ගමන ගැන මහේෂිට මොකද හිතෙන්නේ..?

”මම කළා ක්‍ෂේත්‍රයට එන්නේ මට වයස අවුරුදු 10දී…. එදා ඉඳන් අද වෙනකන් මම ආව ගමන ගැන ඇත්තටම මම ගොඩක් තෘප්තිමත්, මේ වෙද්දී මම ආසාවෙන් හිටපු චරිත ඔක්කොම වගේ මට ලැබුනා….

image 388

කළා ක්‍ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිත හඳුනා ගන්න අවස්තාව ලැබුනා…. මට ආදරේ කරන ප්‍රේක්ෂයින් ගොඩක් ඉන්නවා, දැන් මට හොඳ සැමියෙක්, ආදරණීය පවුල් ජීවිතයක් තියෙනවා… ඉතින් මේ දක්වා ආව ගමන ගැන මට ගොඩක් ආඩම්බරයි”

image 385

සැමියා ගැන කියන්නකෝ විස්තර ටිකක්?

”මගේ සැමියා හරිම හොඳ කෙනෙක්, එයාගේ නම සම්පත්…. හොඳයි වගේම තමයි සම්පත් ටිකක් සැරයි, හැබැයි එයා මට කවදාවත් තහංචි දාලා නෑ… මම එයා එක්ක විවාහ වුනෙත් ඒ නිසා…. මට කලින් ප්‍රේම සම්බන්ධතා නම් ගොඩක් තිබිලා තියෙනවා, ඒ සම්බන්දතා එක්ක බලද්දී සම්පත් තමයි මට වද දුන්නේ නැති එකම කෙනා….

image 390

සම්පත් පයිලට් කෙනෙක්. ඒ වගේම එයා මට ගොඩක්ම ආදරෙයි, මම නම් කියන්නේ සම්පත් තමයි මේ ලෝකේ ඉන්න හොඳම සැමියා”

image 389
image 386
image 387