උණුසුම් පුවත්
Search
shanudrie

”මම මොකක් හරි පිනක් කරලා ඇති ඒ වගේ ආදරයක් ලබන්න” – ශනුද්‍රි ප්‍රියසාද්

2351

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ මේ වන විට නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට ආපු කලාකාරිනියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. එහෙමත් නැත්නම් ප්‍රියසාද් පවුලේ ලාබාලතම දියණිය ඇය කිව්වොත් නිවැරදියි. ඉතින් ශනුද්‍රිගේ අක්කලා දෙන්නත් කලාවත් එක්ක සම්බන්ධ වෙච්චි දෙන්නෙක්. ඒ වගේම ශනුද්‍රිගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.

ශනුද්‍රි ගැන කතා කරද්දී ඇය මේ වෙද්දි පුංචි තිරය ඒ වගේම රිදී තිරය කියන දෙකම එක සේ ජය ගෙන ඉතාමත් සාර්ථක ගමනක් යන කෙනෙක්. ඒ වගේම තමයි ඇය පුංචි තිරයෙ දිවිතුරා කියන ටෙලි නාට්‍ය හරහා නාට්‍යය හරහාත් රිදී තිරයේ මේ වෙද්දි විකාශය වන ආදරණීය පාර්ථනා කියලා චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය යි. ඉතින් හැමදාමත් වගේ ඇගේ කලා ජීවිතයට ගෙදරින් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. ඇයව නිරන්තරයෙන්ම අගය කරන්නත් වැරදි තැන් පෙන්වා දෙන්නත් තමන්ගෙ තාත්තා නිතරම ඇය පිටිපස්සෙ ඉන්නව කියලත් ෂනුද්‍රි සඳහන් කරනවා.

image 288

ඒ වගේම තමයි කලා ලෝකය කියන්නේ හරිම තරගකාරී තැනක්. අද වෙද්දි අලුත් මුහුණු රැසක්ම කලාවත් එක්ක සම්බන්ධ වෙලා. ඒ නිසාම කලාව තුළ ශනුද්‍රිට තරගයක් තියද කියලා අහපු අවස්ථාවක ඇය කිව්වේ මේ වගේ කතාවක්…..

image 286

“මම එහෙම තරගකාරී කෙනෙක් නෙමෙයි…. පොඩි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයේ දන්න නිසා මට එහෙම තරගයක් නෑ. අලුතින් එන රංගන ශිල්පීන් කීප දෙනයි මම අඳුරන්නෙ. මට එහෙම යාලුවෝ නෑ….. මම ලගින්ම ආශ්‍රය කරන කීප දෙනයි ඉන්නේ. හැබැයි මම දන්නෑ කාට හරි මගෙත් එක්ක තරගයක් තියෙද කියලා. මම මගේ පාඩුවේ වැඩ කරන් යනවා….”

image 279

ඒ විදියට අදහස් දක්වන ඇය සෑම අවස්ථාවකදීම හරවත් නිර්මාණ ත් එක්ක සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා කියලා සඳහන් කළා. ඒ වගේම තමයි ආදරණීය පාර්ථනා චිත්‍රපටය ඇගේ ජීවිතය ජීවිතේ හැරවුම් ලක්ෂයක්වෙයි කියන බලාපොරොත්තුවත් බොහෝ දෙනෙක්ට තියනවා. ඒකට හේතුව ඇයට මේ චිත්‍රපටය සඳහා ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ආදරය නිසයි. ඉතින් ආදරය සම්බන්ධයෙන් ශනුද්‍රි කිව්වේ මේ වගේ කතාවක්…..

image 280

“ප්‍රේක්ෂකයන් අපිව දැක්කහම සතුටු කඳුළු පුරවගෙන අපිව බදාගෙන ඒ අයගෙ හිත්වල තියෙන ආදරේ ගැන කතා කරද්දි පුදුම හිතෙනවා. ඒ ගැන වචන වලින් කියන්න අමාරුයි, අමුතු විදිහට දැනෙන ආදරයක් එක…. මම හිතන්නේ හරිම වාසනාවන්ත වෙන්න ඕනේ වගේ ආදරයක් ලබන්න. ඒ අයටත් මම හැමදාම ආදරෙයි. මම හිතන්නේ මොකක් හරි පිනක් කරලා ඇති මිනිස්සු අතරට මෙහෙම යන්න ලැබෙන්න.”

image 281

ඉතින් ඇය සති අග පුවත්පතක් සමග එ පතක් සමග එකතුවෙලා මේ විදියට තමයි ඇයගේ අලුත් ජීවිතය සහ කලාව පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

image 282

කොහොම නමුත් ශනුද්‍රි මේ වන විට පෙම්වතියක් කියන එකත් නොරහසක්. ඇයගේ පෙම්වතා රටම හඳුනන නවක ගායන ශිල්පියෙකු වූ දිනේෂ් ගමගේ. දමිළ බස යුහුසුරුව හසුරවන්න පුළුවන් දිනේෂ්, නුවර එළියේ තමයි බොහෝ කාලයක් ඔහුගේ ජීවිතය ගෙවා දමා කොළඹට සේන්දු වෙලා තියෙන්නේ.

image 284

ඉතින් මේ යුවළත් ළඟදීම විවාහ වෙයි කියලා තමයි ප්‍රේක්ෂකයින් නම් බලාගෙන ඉන්නේ.

image 285
image 287