ඕෂධී හේවාමද්දුම කියලා කියන්නේ ලංකාවේ සිටින ඉතාමත්ම රූමත් ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඇයගේ දක්ශතාවය ඔස්සේ ඉටු කළා.ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගත්තෙත් ඒ නිසාමයි.ඇය කලින් කලට විවිධාකාර පුවත් මවන්නියක්.කාලයක් ඇයගේ සමේ පැහැය ගැන සමාජයේ ගොඩක් කතාබහක් ඇතිවුණා.නමුත් ඒවාට නිසි පිළිතුරු දුන් ඇය කිසිදු චෝදනාවකින් සැලුණේ නැහැ.ඒ වගේම තමයි ඇය දේශපාලනය සඳහා ද අවතීර්ණ වීමට කටයුතු කළා.විවිධ වූ හේතූන් මත ඇයව ටික කාලයක් අපට රංගන ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබුණේ නැහැ.දිගු කලකට පස්සේ නැවතත් ඇයව අපට දැකගන්නට පුළුවන් වුණේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍ය හරහායි.ඉතින් ඒ පිළිබඳව කළ විමසීමකදී ඇය පැවසූයේ මේ වගේ දෙයක්.

“ඇත්තටම මම මේ රංගනයෙන් දායක වන්නේ අවුරුදු දෙකකට විතර පස්සෙ.මම කලා ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා තමයි හිටියෙ.ඊට පස්සේ මම නැවතත් ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍ය හරහා.ඇත්තටම ඒක ඉතාමත්ම ආදර්ශමත් ටෙලි නාට්‍යයක් කියල මම හිතනවා.මොකද ඒ ටෙලි නාට්‍යය ලොකු කුඩා කවුරුත් ඉතාමත්ම ආදරයෙන් ආශාවෙන් නරඹන ටෙලිනාට්‍යයක්.

ඉතින් ඒ වගේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායකවීමට ලැබීම ඇත්තටම සතුටක්.මට එහි ලැබුණු චරිතය තමයි ෂෙරිල් ආච්චි කියන චරිතය.ගයනි ගිසන්තිකා අක්කා තමයි කලින් එම චරිතය කළේ.නමුත් ඇය ඔස්ට්‍රේලියාවට හදිසියේම යන්න වුණු නිසා මට ඒ අඩුව පුරවන්න වුනා.ඇත්තටම දීර්ඝකාලීන ටෙලි නාට්‍යයකට දායක උනාට පස්සේ අපට මුහුණ දෙන්න සිදුවන ගැටලුව ඒක තමයි.මමත් කාලයක් එක්තරා දීර්ඝ ටෙලි නාට්‍යයකට සහභාගි වෙලා අතරමගින් ඉවත් වුණා.මටනම් ඇත්තටම ඒක එපා වෙලා තිබුනේ.මොකද මම එකේ මේන් රෝල් එක තමයි කලේ.එතකොට ඒකටම හිර වුණා වගේ හැඟීමක් මට දැනුනා.දැන් මේ ටෙලිනාට්‍ය දීර්ඝ ටෙලිනාට්‍යයක් වුවත් මේන් රෝල් එක නෙවෙයි නේ මම කරන්නේ.ඒ නිසා නිදහසේ කරන්න පුළුවන්.

ඇත්තටම මම හිතන විදිහට මම කරපු ටෙලිනාට්‍ය වලින් 99%ක්ම මම රඟපෑවේ පෙම්වතියගේ චරිතය.ජීවන් කුමාරතුංග අයියාගේ ඉදන් අපේ වයසෙ නළුවන්ගේත් මට වඩා බාල වයසේ අයගෙත් මම පෙම්වතිය චරිතය වෙලා ඉඳලා තියෙනවා.ඒ කාලයේ මදි නොකියන්න පෙම්වතිය වුනු නිසා දැන් පෙම්වතිය වීමේ ආසාවක් නැහැ.මගේ වයසට ගැළපෙන චරිත තෝරගෙන රඟපාන්න තමයි ආස.”කියලා තමයි ඇය පවසා සිටියේ.
ඕෂධී හේවාමද්දුම කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව තුළත් පුංචි තිරේ තුළත් සිය දක්ෂතාවය පෙන්නුම් කරමින් ඉදිරියට ආ අපූරු රංගන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
