අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ප්‍රවීණ ගායක යුවළක් වන අතුල – සමිතාගේ ආදරණීය දියණිය තමයි කවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. ඒ වගේම මේ වෙද්දි ඇය ඇයටම අනන්‍ය හඬකින් ගී ගායනා කරමින් රසිකයින්ට අමතක නොවෙන කෙනෙක් බවට පත්ව හමාරයි. ඉතින් ගායනය තුළින් පමණක්ම නෙවෙයි නිවේදනයෙන්, රංගනයෙන් පවා ඇය මේ වන විට රසික හදවත් සොරාගෙන හමාරයි. ඉතින් ඇය පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය 2023 අවුරුද්ද පටන් ගත්තේම ඇක්සිඩන්ට් එකකින් කියලයි කාවින්ද්‍යා නම් කියන්නේ. හැබැයි කාටවත් තුවාල මුකුත් වුණේ නැහැලු. කොහොම නමුත් ඇය වාහනේට මාරම ආදරේ කෙනෙක් නිසා හොඳ විදියට නෙවෙයි මේ අවුරුද්ද නම් පටන් ගත්තේ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයට ඕනේ වුණේ රංගනයෙන් නම් එක ටෙලි නාට්‍යයක් සහ එක චිත්‍රපටයක් කරන්න කියලයි කාවින්ද්‍යා නම් කියන්නේ. ඉතින් ඒ අවස්ථා දෙකම ඇයට හොඳ අධ්‍යක්ෂකවරුන් යටතේ කරන්න ලැබුණා කියලත් ඇය කියනවා. හැබැයි දැන් නම් ඇය සිරුරේ ටැටුස් ගහලා තියෙන නිසා මැර චරිතයක් තමයිලු කරන්න වෙන්නේ.
ඒ වගේම ඇයගේ ඇගේ තියෙන හැම ටැටූ එකකටම ඇයගේ ජීවිතේට සමීප කතාවක් තියෙනවාලු.

කොහොම නමුත් ඇය ගිය අවුරුද්දේ මැයි මාසේ විතර ඉඳන් සිංගල් කියලයි ඇය කියන්නේ. ඒ වගේම තවම ඇයට එහෙම ආදරේ කරන්න හිතෙන තරම් කෙනෙක් හම්බුණේ නෑ කියලයි කියන්නේ.

ඒ වගේම ඇයගේ පවුල ගත්තම ගොඩක් නිදහසේ ජීවත් වෙන පවුලක් නිසා ඒ නිදහසට සමහර අය විවිධ මත ඉදිරිපත් කරනවා කියලයි ඇය කියන්නේ. නමුත් එහෙම නැති මේ වගේ දේවල් ජීවිත වල වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් පොළොවේ පය ගහලා ඉන්න ඇයට ආදරේ කරන සහ ඇයව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විතරයිලු ඇය ආදරේ කරන්න හොයන්නේ.

ඒ වගේම මේ වයසට ඇය ගොඩක් දේවල් ජීවිතේදී දරාගෙන තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය හැමදාම ආස කළේ ඇයගේ පවුලේ අය සතුටින් ඉන්නවා බලන්නලු. මොකද ඇයගේ ලයිෆ් එකේ නම්බර් වන් ඇයගේ පවුල නිසා. ඉතින් ඇයගේ පවුලේ අය සතුටින් නම් ඇය මාරම සතුටින් ඉන්න කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම මේ වෙද්දී ඇය අතුලගේ දෙවන බිරිඳ වූ අමායා එක්කත් එයාලගේ බබාලා එක්කත් කාලේ ගත කරනවා කියලයි කවින්ද්‍යා අවසාන වශයෙන් පවසලා තිබුනේ.
