උණුසුම් පුවත්
Search
kavi

”මම මුහුණ දීපූ සමහර දේ මම හිතේ හංගාගෙන ඉඳලා තියෙනවා” – කවින්ද්‍යා අධිකාරි

349

කවින්ද්‍යා අධිකාරි ගැන පහුගිය කාලයේ බොහෝ දෙනෙක් වැඩිපුර කතා කළා. ඒකට හේතු වුණේ ඇයගේ චාම් විවාහ මංගල්‍ය උත්සවය…. මේ විවාහ මංගල්‍ය උත්සවයට බොහෝ දෙනෙක් සහභාගි වූ අතර ඒක හරිම සුළුවෙන් සිද්ද වෙච්චි සරණ මංගල්‍යයක් වුණා.

කවින්ද්‍යා ”කවදාවත් බඳින්නේ නෑ” කියලා ඉන්න තැන හිටපු කෙනෙක්. හැබැයි ඇයගේ හිත වෙනස් කළේ සංගීත ක්ෂේත්‍රය තුළම තවත් දක්ෂයෙක් වෙච්චි දනිදු පෙරේරා කියන තරුණයා. කොහොම නමුත් ජීවිතයේ හරි අපූරුවට වෙනස් කරගත්තු කවින්ද්‍යා හැල හැප්පීම් මැද්දේ ජීවිතයට මුහුණ දීපු චරිතයක් කියන එක නොදන්නා කෙනෙක් නැති තරම්…

No photo description available.

ඒ වගේම මතුපිටින් පෙනෙන කවින්ද්‍යා ට වඩා හිත ඇතුලෙන් ඉන්න කවින්දයා බොහොම ශක්තිමත්. එනිසාම විවාහය සම්බන්ධයෙන් ඇය ගත් තීරණය ගැන අහපුවාම කවින්ද්‍යා කිව්වේ මේ වගේ කතාවක්.

“විවාහ ගිවිස ගැනීමේ කටයුතු ඉවර ඉවර වෙලා මගේ වාහනය පදවා ගෙන එන ගමන් හොඳටම අඩලා මම මම ගැනම කල්පනා කළා…… ඒකට හේතුව මට කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද කියලා. මම මුහුණ දීලා තියෙන දේ සමාජයේ දන්නවා උනත් මම මුහුණ දීපූ සමහර දේ මම හිතේ හංගාගෙන ඉඳලා තියෙනවා….. ඒ සියලු දේ ගැන කල්පනා කරල කරලා මෙච්චර දුරක් ඉවසගෙන ඇවිත් හොඳට හිතලා බලලා ගත්ත මේ තීරණය ගැන පුදුම විදිහට සතුටු වෙනවා. මම ඒ ගැන ඇත්තටම ආඩම්බරයි.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ අලුත් ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

May be an image of 4 people, wedding and dais

May be an image of 3 people, lighting, dais, wedding and text that says 'DARK ROOM PHOTOGRAPHY'