උණුසුම් පුවත්
Search
Untitled design 37

” මම පුංචි කාලේ ඉඳලා ගායනයට බයයි. මට සනුකවව දැක්කම අපේ තාත්තිව මතක් වෙනවා ” – වින්ඩි ගුණතිලක

1781

මේ දවස් වල අතිශය රසික ප්‍රතිචාර මැද සියළුම සමාජ මාධ්‍ය ජාලා තුළ විකාශනය වන දමිල ගීතයක් තමයි අයියෝ සාමි කියලා කියන්නේ. ඉතාමත්ම මිහිරි තියුණු හඬ පරාසයක් ඔස්සේ මේ අපූරු ගීතය ගායනා කරනු ලබන්නේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනියක් වන වින්ඩි ගුණතිලකයි. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වන රූකාන්ත ගුණතිලක මහත්මාගේ සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ දියණියක් වන ඇය මව්පිය ආභාෂය එලෙසින්ම උරුම කරගත් ආදරනීය ගීත කෝකිලාවිය ක් වනවා. ඇය විවාහ වන්නේත් සංගීත ලොව තුළ සිටින දැවැන්ත හඬ පෞරුෂයක් වන සනුක සමගිනුයි.

san3

ඉතිං ඇය කියන විදියට ඇයගේ නවතම ගීතය වන අයියෝ සාමි ගීතයට ඇය වත් හිතපු නැති තරම් හොඳ ප්‍රතිචාරලු ලැබෙන්නේ. ඒ නිසාම නැවතත් දමිළ භාෂාවෙන් ගීතයක් කිරීමට ඇය බලාපොරොත්තු වෙන්ලු සිටින්නේ. ඒ වගේම තමයි ඇයගේ සහෝදරිය වන රයිනි ගුණතිලක ගෙන් ඉතාමත් ඉහල ප්‍රතිචාර ඇයට ලැබුණ බවත් දෙමව්පියන්ගෙන් සහ ඇයගේ සැමියාගෙන් මහත් වූ සහයෝගයක් ඇයට මේ ගීතය සාර්ථක කර ගැනීමට ලැබිලා තියෙනවා. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී ඇය පිළිබඳව තොරතුරු කියා සිටියේ මේ විදියට.

270017520 456734395818378 5387931505184603163 n 1

” ඇත්තට ම අයියෝ සාමි මගෙ අලුත්ම ගීතයට ඔක්කොම වගේ හොඳ තමයි කියන්නේ. මම හිතුවේ නැහැ ඇත්තට ම ඒ වගේ ප්‍රතිචාරයක් ලැබේවි කියලා. මම මුල් වතාවට තමයි දමිළ ගීතයක් කළේ. සනුකගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. එයා ගොඩක් මහන්සි වෙනවා සින්දු හදන්න. එයාගේ සින්දුත් හදන ගමන් එයා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. සනුකව දැක්කහම මට අපේ තාත්තිවත් මතක් වෙනවා. ඉතිං ඒ වගේ තමයි එයා. එයා හරිම talent චරිතයක්.

” මම ටිකක් ලැජ්ජාශීලී චරිතයක්. වැඩිය කතා කරන්න දක්‍ෂ නැති චරිතයක්. මම පුංචි කාලේ ඉඳලා ගායනයට බයයි. මම දන්නේ නැහැ ඇයි ද ඒ කියන්න. අපේ පවුලේ මම විතරයි මෙහෙම ඉන්නේ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

1344